(නාලක සංජීව දහනායක)
රටේ හා ආණ්ඩුව තුළ ඇතිවී ඇති ප‍්‍රශ්න විසදා ගැනීමට නම් ආණ්ඩුව ඉතාම ඉක්මණින් මැතිවරණයක් සඳහා යොමුවිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එ.ජ.නි.ස) ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (8) පැවැසීය.
ජනතාවට ද මේ මොහොතේදී මැතිවරණයක හා ආණ්ඩු වෙනසක දැඩි අවශ්‍යතාවයක් ඇති බවක් පෙනෙන්නට තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා එහිදී මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම සඳහා මේ වනවිට දේශපාලන පක්‍ෂ 28 ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව අපි එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි පොදු සන්ධානයක් ගොඩ නඟනවා. එමෙන්ම නැවතත් කතානායකවරයාගේ හැසිරීම පක්‍ෂග‍්‍රාහී බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන විට මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව කතා කළා.
නමුත් ඔහු දැන් එය අමතකකර ඉතාම ඉක්මණින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන මෙන් ඔහු දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වත්මන් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට කවදාවත් ඡන්දයකින් ජනාධිපතිවරයා ලෙස පත්වන්න බැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂය බලන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර අගමැති ක‍්‍රමය ශක්තිමත් කරන්නයි. අද කතානායකවරයා ප‍්‍රකාශ කරන්නේ අන්න ඒ එක්සත් ජාතික පක්‍ෂයේ මතයයි. මේ රටට නැවත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනන් පුලූවන්කමක් නැහැ. අපි ඒ බව පැහැදිලිව කියනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් දෙමළ ජනතාවට කිසිම සෙතක් සිදුනොවන බව ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ම කියනවා.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘රටේ හා ආණ්ඩුවේ ප්‍රශ්න විසඳන්න මැතිවරණයකට යන්න ඕනෑ’