IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘රටේ නීතිය - සාමය මෙහෙයවන්න සරත් ෆොන්සේකාට බාරදෙනවා‘‘

(හේමලතා ඩී හේවගේ) 

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටේ නීතිය හා සාමය,ත්‍රිවිධ හමුදාව මෙහෙයවීමට සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන්න කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතා පැවසීය.

සජිත් පේමදාස මහතා මේ බව පැවසුවේ අද (22) පන්නල මහජන ක්‍රීඩාංගනයේ පැවැති ජන හමුවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය,

ඒ වගේම මේ රටේ තියෙන කුඩු ව්‍යසනයත් මුළුමනින්ම නැති කරලා දානවා.මේ රටේ ජාතික ආරක්ෂාව ගොඩනගන්න අපි පියවර අරන් තියෙන්නේ.පොලිසිය ත්‍රිවිධ හමුදාව නවීකරණය කරලා ඔවුන් ශක්තිමත් කරන්න කටයුතු කරනවා.

බුද්ධි අංශ වලට දේශපාලන මැදිහත් වීමකින් තොරව කටයුතු කරන්න අවස්ථාව ඇති කරනවා.නූතන ත්‍රස්තවාදය මර්දනය කරන්න අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අපිට විදේශ රටවල් සමඟ විනිවිද භාවයෙන් යුතු සම්බන්ධතා ඇති කරගන්න කටයුතු කරනවා.

2020 මේ රටේ දහම් පාසල් අඩුපාඩු නැති කරලා බුද්ධශාසනය වෙනුවෙන් කටයුතු කරනවා.ඉදිරි වසර 4 දි මේ රටේ විහාර 1125 ක චෙත්‍යය රාජයාණන් වහන්සේලා 1125 ත් ඇති කරන්න කටයුතු කරනවා.

ධර්මශාලා ගොඩනැගිලි,ධාතු මන්දිර සහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඓතිහාසික මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා.ඒ අපි ප්‍රායෝගික බෞද්ධයෝ නිසා .බොරු දේශප්‍රේමි බවක් පෙන්වලා මන්දිර දේශපාලනයක් සමහරු ගෙනියන්නේ.

අපි මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා.අපි පෞද්ගලික නිවෙස්වල ඉදන් මේ රටේ සංවර්ධනයට උරදෙන්නේ.අපේ රටේ සංවර්ධනය උදෙසා අපි ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා.

තමන්ගේ ගම රට දියුණු කිරීමයි සැමගේම බලාපොරොත්තුව.නව තාක්ෂණ විද්‍යාගාර අපි ආරම්භ කරනවා.තරුණ තරුණියන්ට ගමේ ඉඳන් රැකියා වලට ලබාදීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.

අපනයන ආර්ථිකයක් අපි ආරම්භ කරනවා.ශක්තිමත් දේශයක් පොඩි මනුස්සයට සහන ලැබෙන ආර්ථිකයක් අපි ඇති කරනවා.මගේ තාත්තා පාසල් දරුවන්ට දුන්න දිවා ආහාරය මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම අහෝසි කරා.

පාසල් යන දු දරුවන් හතලිස් හතර ලක්ෂයකට නිල ඇඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි අපි ලබාදෙනවා.අපගේ මේ ව්‍යායාමය පොදු ජනතාව රජ කිරීම වෙනුවෙන් මිස තනතුරු තානාන්තර දැරීමේ අරමුණින් නොවන බව මම මතක් කරනවා.

කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ වර්තමානයේ ජනතාවගේ තියෙන ප්‍රධානම ප්‍රාර්ථනාව යකාබැඳි ඇල්ල වාරියෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.සියලුදෙනාටම කියන්න කැමතියි ජනාධිපතිවරයෙන් ශක්තිය ලැබෙන කර යකාබැඳි ඇල්ල වාරි යෝජනා ක්‍රමය මුල්ගල් තියලා විවෘත කරලා පොදු ජනතාවගේ ඒ බලපෙරොත්තු අපි තහවුරු කරනවා.

ඒ තුළින් මේ ප්‍රදේශයේ පානිය ජල ප්‍රශ්නයට ස්ථිර විසදුමක් කරනවා.මාකඳුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් කරනවා.මේ සඳහා ඩොර් මිලියන 200 ක් ඇස්තමේන්තු ගත කරනවා.කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ මේ තාක් සිදුනොවුන සංවර්ධනයක් ඇති කරනවා කියලා වගකිමෙන් කියනවා‘‘ යැයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

 



අදහස් (0)

‘‘රටේ නීතිය - සාමය මෙහෙයවන්න සරත් ෆොන්සේකාට බාරදෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site