IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මොනවද මේ ජනාධිපති කොමිෂන් සභා

1987 – 89 භීෂණ සමයේ දී රජයේ ආරක්ෂක අංශ පවත්වාගෙන ගිය වදකාගාරයක් බටලන් ද නිවාස සංකීර්ණයේ තිබූ බව කියැවෙයි. 1998 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම වදකාගාරයේ සිදුවූ අනීතික ක්‍රියා ගැන සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළාය. එහෙත් එය පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් වූයේ නැත. එම කොමිසමේ වාර්තාව 2000 වසරේ දී ජනාධිපතිනියට භාරදුන්න ද එය එකල පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරිණි. වර්තමාන රජය එම කොමිසමේ වාර්තාව ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ජනාධිපති කොමිෂන් සභාවල බලතල මොනවාද? ජනාධිපති කොමිෂන් සභා කොපමණ සංඛ්‍යාවක් මේ දක්වා පනවා තිබේද? බටලන්ද කොමිසම අද වනවිට වලංගුද? යන කරුණු සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති - මහාචාර්ය – නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා සමඟ කළ සාකච්ඡාවකි.

Q මොනවද මේ කොමිෂන් සභා කියන්නේ ? කොයි කාලෙ ද පටන් ගත්තෙ?

කොමිෂන් සභා කියන ඒවා පටන් ගත්තේ විධායක ජනාධිපති ක්‍රමයටත් ඊට කලින් තිබුණ නාමික ජනාධිපති ක්‍රමයටත් කලින්. 1948 තමයි මුලින්ම පරීක්ෂණ කොමිෂන් පටන් ගත්තේ. 1948 අංක 17 කියන පනත එම අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ අපට නිදහස ලැබෙනකොටම පැනෙව්වා. ඒ පනතෙන් තමයි පරීක්ෂණ කොමිෂන්වලට බලය ලැබෙන්නේ. මහා බ්‍රිතාන්‍යයේත් මේ පනත වගේම පනතක් තියෙනවා. ඒකෙන් තමයි අපේ රටේ පනතට හැඩරුව සියල්ල අරගෙන තියෙන්නේ. මේ පනත 1950, 1953 – 1955 හා 2008 දී සංශෝධනය වෙලා තියෙනවා. ඒත් 1978 අංක 4 කියන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ආරම්භ කරනවා පළමු විධායක ජනාධිපතිවරයා පත් වුණාම. කලින් තිබූ 1948 පනතෙන් එතරම් බලතල නොතිබූ නිසයි 1978 දී විශේෂ ජනාධිපති කොමිෂන් සභා ආරම්භ කරන්නෙ.

Q බලතල අඩුයි කියන්නෙ ඇයි ?

කලින් පනතෙන් බලය තිබුණෙ යම් සිද්ධියකට විමර්ශනය කරලා සාක්ෂි කැඳවලා, නිර්දේශ දෙන්න පමණයි. 
මූලිකව කොමිෂන් සභාවක් ගැන සාකච්ඡා වෙන්නේ 1948 ටත් පෙර. එල්.එම්.ඩී. සිල්වා කියන මෙම කොමිෂන් සභාව දැම්මේ 1943 දී. එතකොට අපට තිබුණෙ රාජ්‍ය මන්ත්‍රණ සභා පාලනයක්. රාජ්‍ය සේවයේ අල්ලස් පිළිබඳව පරීක්ෂණ කරන්නයි මෙම කොමිසම පැන වූයේ. ඊළඟට එම්.ඩබ්ලිව්. සිල්වා කොමිසම 1949 දී පනවන්නේ කොළඹ නගර සභාවේ සිදු වූ යම් යම් සිදුවීම් විමර්ශනය කරන්න. 1959 දී තල්ගොඩපිටිය කොමිසම පනවනවා අල්ලස් කොමිසමක් හැටියට. ඉතිහාසයේ වැදගත්ම කොමිෂන් සභා තමයි මේ. මේ හැම එකකින්ම නිර්දේශ ඉදිරිපත් වුණා රාජ්‍ය සේවයේ අල්ලස් දූෂණ අවම කරගැනීමට ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා.

Q 1948 පැන වූ පනත යටතේ මෑත කාලයේත් කොමිෂන් සභා පත් කළාද?

ඔව්. 2015 වසරේ දී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පැනවූයේත් 1948 පනතෙන්. ඒ කොමිසමෙනුත් නිර්දේශ තමයි ඉදිරිපත් කළේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපට නිතර මතක් කළ නිසා තමයි මේ කොමිසම පැනවූවේ. හැබැයි මේ කොමිෂන් සභා පනවා සාක්ෂි විමසලා කටයුතු කළත් එතැනින් එහාට පාර්ලිමේන්තුවට දාල දඬුවම් දෙන තැනකට ගියේ නෑ.

Q එතකොට පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් වුණේ මොනවද?

මැතිනිට දඬුවම් දුන්නෙ එහෙම කොමිසමකින්. 1977 රජයට වුවමනා වුණා 1970 – 77 රජය කාලෙ සිදුවූ බලය අයුතු ලෙස භාවිත කිරීම සහ විවිධ චෝදනා ගැන පරීක්ෂා කරන්න පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත් කරන්න. ඒක යටතේ ප්‍රජා අයිතිය, සිවිල් අයිතිවාසිකම් නවත්වන්න පුළුවන් හැටියට තමයි එම කොමිෂන් සභාව ගෙනාවේ. 1948 පනත යටතේ පත් කරන කොමිෂන් සභාවලින් සිවිල් අයිතිවාසිකම්, ප්‍රජා අයිතිය අහිමි කරන්න බෑ. ඒ කොමිෂන්වලින් සොයා බලන සිදුවීම්වලට අදාළ නිර්දේශ එක්කො ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් හරි එහෙමත් නැතිනම් වෙනත් අධිකරණ ක්‍රමයකින් හරි තමයි ක්‍රියාත්මක කරන්න ඕනෑ. මැතිනියගෙ, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක හා ෆවුසි මැතිතුමාලගෙ ප්‍රජා අයිතිය අහිමි කළේ පූර්ණ බලැති කොමිසමකින්. ඒ කොමිසම පත් කරද්දීම කියනවා නඩුව අහලා ඊළඟට මොකක්ද කරන්න පුළුවන් කියලා. මැතිනිගෙ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ තීන්දුව පාර්ලිමේන්තුවෙ බහුතර බලයෙන් ක්‍රියාත්මක කළේ ඒ විදිහට.

Q මැතිනිගෙ ප්‍රජා අයිතිය අහිමි කරන තීන්දු දුන්න කොමිසම ගැන මැතිනිය උසාවි ගියා නේද?

ගියා. ඒ වුණාට උසාවිය මොනව කීවත් පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් තියලා තීන්දුවක් ගත්තා මැතිනියගෙ ප්‍රජා අයිතිය අහිමි කරන්න. එහෙම සිද්ධියක් වුණේ එදා පමණයි.

Q චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියත් විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කළා. ඒ කොමිෂන්වලට බලතල නැද්ද?

එතුමිය පත් කළා ලලිත් ඇතුළත්මුදලි ඝාතන පරීක්ෂණ කොමිසම. විජය කුමාරතුංග ඝාතන කොමිසම, කොබ්බෑකඩුව ඝාතන පරීක්ෂණ කොමිසම. ඊළඟට පත් කළා මහානාම තිලකරත්න කොමිසම. අතුරුදන්වූවන් ගැන සොයා බලා වාර්තා කරන කොමිසම ගෙනාවා. ශ්‍රී ලංකන් එයාර් ලයින් ගැන සොයන්න 2008 දිත් මිහින් ලංකා ගැන සොයන්න 2016 දිත් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් පත් කළා. ඊළඟට බටලන්ද කොමිසම. මේ සියල්ල විශේෂ ජනාධිපති කොමිෂන් වුණාට පත් කිරීමට බලය ලැබුණේ 1948 පනතෙන්. ඒ කියන්නෙ නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණයි පුළුවන්. දඬුවම් කරන්න බලයක් නෑ. මේවත් නිකම් කෝප් එක වගේ. නඩු පවරන්න බලයක් නෑ.

Q ඒ අනුව ගත්තම කොමිෂන් සභා පත් කිරීමේ තේරුම කුමක්ද?

ඒක තමයි ප්‍රශ්නෙ. කොමිෂන් සභා පත් කරන්නෙ දැනුවත් කරන්නද? වෙන වෙන අවස්ථා සඳහා යොදා ගන්න ද? මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන්නද? ඒත් අපට කොතරම් කල් ගියත් මේ කොමිෂන්වලින් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් යොදාගන්න බාධාවක් නෑ.
රජයක් ගිහින් රජයක් යළි පත්වෙනකොට කලින් රජයේ කොමිෂන් නොසලකා හරිනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ එහෙම නෑ. එක රජයක තීන්දු ඊළඟ රජය ක්‍රියාත්මක කරනවා. මේ රටේත් ඒ වගේ ක්‍රමයක් හදාගන්න වෙනවා.

Q මේ වනවිට විශේෂ ජනාධිපති කොමිෂන් සභා කීයක් පත් කරල තියෙනව ද?

විස්සකට වඩා තියෙනවා.

Q කීයකින් දඬුවම් කරල තියෙනව ද?

මැතිනියගෙ ප්‍රජා අයිතිය අහිමි කළ කොමිසම විතරයි දඬුවම් දෙන්න බලය තියෙන කොමිසමක් හැටියට පත් වුණේ.

Q මේ වනවිට කතාබහට ලක්වෙන බටලන්ද කොමිසම වලංගු ද? කල් පැනල ද?

බටලන්ද කොමිසම දැම්මේ නීති විරෝධී රැඳවුම් කඳවුරක්ද? වද දුන්නද කියන දේවල් බලන්න. ඒ කොමිසම පත් කළෙත් 1948 පනත යටතේ. මේ කොමිසම රැස්වෙලා විශාල කාලයක් මිඩංගු කර සාක්ෂි රැස් කළා. මේකෙ දෙපැත්තක් තියෙනවා. සාක්ෂිකරුවාට නිදහස තියෙනවා කියන්න. එහෙම පිටු දෙසිය ගණනක් තියෙනවා. මේකට උත්තරය දුන්නා වතාවක් මංගල සමරවීර මැතිතුමා. ඔහු කියනවා ඔහුගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරය. ඡන්දයක් ළඟ එන නිසා වාර්තාව අපට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා වාර්තාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ කියලා එතැනින් පසුව බටලන්ද කොමිසමේ වාර්තාව ගැන අවධානයක් යොමු වුණේ නෑ. මේ කොමිෂන් සභා වාර්තාවේ හොඳ නිර්දේශ තියෙනවා. හැබැයි කිසිවකුගේවත් ප්‍රජා අයිතිය හෝ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න මැන්ඩේට් එක, ඒ කියන්නෙ අධිකාරිය දීලා නෑ. මේ කොමිසම ආවෙ 1948 පනතෙන් වීම එයට හේතුවයි. ඒත් මේ කොමිසමේ නිර්දේශවල වැදගත් දේ ගොඩක් තියෙනවා.

Q මොනවද ඒ නිර්දේශ?

1978 ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෑ කියල තියෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕනෑ. රැඳවුම් ස්ථාන තියෙනවා නම් ඒවා පිළිබඳව මහේස්ත්‍රාත්වරුන්ට ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ වගේ හොඳ නිර්දේශ තියෙනවා. දැන් මේ රජයට පුළුවන් මේ නිර්දේශ බලලා හොඳට මානව හිමිකම් රැකෙන විදිහට ක්‍රියා කරන්න.

Q බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි පියවර වෙන්නෙ කුමක්ද?

දැන් රජය සහ කැබිනට් මණ්ඩලයට පුළුවන් මෙම කොමිෂන් වාර්තාව නීතිපතිට යවලා එතැනින් ඊළඟට මොකක්ද කළ යුත්තේ කියලා විමසන එක. නීතිපතිට තමයි පුළුල් බලතල තියෙන්නෙ. මිනීමැරුමකට නම් අවුරුදු පනහක් සීයක් ගියත් නඩු පවරන්න පුළුවන්.

වැරදිකාරයො ඉන්නව නම් මහාධිකරණයේ ඔවුන්ට එරෙහිව නඩු පවරන්න පුළුවන්. ඒ චෝදනා ලබන අයටත් පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිහින් ස්වාධීන නඩු විභාගයක් ඉල්ලා සිටින්න.

ප්‍රේමකීර්ති රණතුංග 

 



අදහස් (0)

මොනවද මේ ජනාධිපති කොමිෂන් සභා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3485 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1000 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2138 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 4 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1285 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site