IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම එජාපයේ දේශපාලන නාටකයක්’

(නාලක සංජීව දහනායක)
 
සියලු මුස්ලිම් ඇමතිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්‍ෂය විසින් රඟදක්වන තවත් එක් දේශපාලන නාටකයක් බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (04) පැවැසීය.
 
අරලියගහ මන්දිරයේ සිට අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය එම නාට්‍යයේ පිටපත රචනා කළ බව කී මන්ත‍්‍රීවරයා එයට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද කීය.
 
මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන්, ත‍්‍රස්තවාදීන්ට මුදල් ලබාදුන් පුද්ගලයන්, මද්‍රසා පාසල්, විදේශ රටවලින් මෙරටට පැමිණ අන්තවාදී ඉගැන්වීම්වල නිරත වන තැනැත්තන් පිළිබඳව කතා නොකර මෙම අස්වීම පිළිබඳව කතාකිරීමට පටන්ගන්නා බවද කීය. 
 
චෝදනාවලට ලක්වූ පුද්ගලයන් හැරුණුවිට සියලු මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම කිසිසේත් බලාපොරොත්තු නොවූ බව කී යාපා මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලා අස්වීම හරහා පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය දේශපාලනීකරණ කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද සඳහන් කළේය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවැසීය.



අදහස් (0)

‘මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම එජාපයේ දේශපාලන නාටකයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 595 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site