IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘’බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් එපා’’

(නිමල කොඩිතුවක්කු)

බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුකර බැංකු ක්ෂේත්‍රය දුර් වල කරන්න එපා යැයි  රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවසීය.

මේ ආණ්ඩුව නාඩගම් නටමින් ජනතාව රැවටීමේ ප්‍රථිපල අගොස්තු පස්වෙනිදා ඒ අයට භුක්ති විදීමට ලැබෙනු ඇතැයිද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.

     “ජනාධිපතිතුමන් පසුගියදා  මහබැංකු නිලධාරින් කැඳවා ටෙලිනාට්‍යයක් රඟදැක්වුවා.  එම නාට්‍යයේ වීරයා ජනාධිපතිතුමන්. දූෂ්ටයන්  බැංකු නිලධාරින්.  කලින් කලට මේ වගේ නාට්‍ය රඟදක්වනවා. ජනතාව විදියට අපි මේවට ඇන්දෙන්න යන්න හොද නැහැ.

ජනාධිපතිවරණයට කලිනුත් මාධ්‍ය සංදර්ශන  තියලා රාජ්‍ය සේවකයන්, විදෙස් ශ්‍රාමිකයන් ඇන්දුවා.  අද ඒ අය කොරෝනා බොමේබ, වසංගත වෙලා.

මහබැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුදල් ඇමති පත්කළේ කවුද කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් අහන්න කැමතියි. මේ ඔක්කොම පත් කළේ ජනාධිපතිතුමයි. එහෙනම් ඒ අය තමයි අස්වෙන්න ඕන. ජනතාව රැවටීමේ ප්‍රතිපල අගොස්තු පස්වෙනිදා ඒ අයට භුක්ති විදින්න ලැබෙනවා.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා “ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ඉදිරිපත් කළා. මේ ඉදිරිපත් කරපුවයින් කියක් කලාද කියලා අපි අහනවා.   ජනාධිපති කෙනෙක් පත්වෙලා මාථස අටක් වෙනවා. ඔය රගපැම් ඇරෙන්න වෙන මොනවත් කරලා නැහැ.

මේ ඇතිවෙලා තියෙන ආර් ථික අර් බුදය කොරෝනා නිසා ඇතිවුන ප්‍රශ්නයක් නෙමෙයි. කිසිම සැලසුමකින් තොරව කටයුතු කිරිම නිසා තමයි අද අපේ ආර් ථිකය මේ තරම් බරපතල අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ.

අපිට  බදු ගහනවා බදු ගහනවා කියලා කතාවක් හැදුවා. අපි ඒ ආදායම් අරගෙන අධ්‍යාපනයටය, සෞඛ්‍යයටයි වැයකරන මුදල් වැඩිකලා. එහි ප්‍රතිපල  නිසා තමයි අද රට මේ තත්ත්වයෙන් හරි යන්නේ.  ආර් ථිකය පිළිබඳ කිසීම දැනුමක් නැතුව ඇවිත් දැන්  අකාර් යක්ෂම මූල්‍ය පාලනයක් මේ අය ගෙනයනවා.

දැන් තමන්ගේ  නොහැකියාව වහ ගන්න මහබැංකු-වේ  නිලධාරින් ගෙනල්ලා බිය ගන්වලා මේ නාටකය ඉදිරියට ගෙනියන්න  වෑයම් කරනවා. හරිගියොත් තමන්ට වැරදුනොත්  නිලධාරින් මේක තමයි අද රජයේ ප්‍රතිපත්තිය බවට පත්වෙලා තියෙන්නේ.

බැංකු ක්ෂේත්‍රය දුර්වල කරන්න එපා කියලා අපි මේ රජයට කියනවා.  දේශපාලඥයන් බැංකුවල පද්ධතියට  ඇගිලි ගහන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්න කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (4)

‘’බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් එපා’’

de silva berlin Thursday, 18 June 2020 10:38 AM

කවුරු මොනවා කිව්වත් ලංකාවේ ව්‍යාපාරික හා නිවාස ණය සඳහා පොලී අනුපාතය 4%-6% අතර ප්‍රමාණයක් දක්වා අඩුකිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. විශාල පුද්ගලික හා මූල්‍ය ආයතන ප්‍රමාණයක් රටේ තිබෙනවා. ඔවුන් අධික ලාභ ලබන බව පෙනෙනවා. 15%-19% දක්වා ගිනි පොළියට ණය අරන් කොහොමද ව්‍යාපාර කරන්නේ? ගෙවල් හදන්නේ? මිනිස්සු සල්ලි බැංකුවල දාලා ඒකෙන් කකා බිබී සිටියම රටේ මුදල් සංසරණය වීමක් සිදුවෙන්නේ නැහැ. එවිට රටේ අලුතින් රැකියා අවස්ථා ඇතිවෙන්නේ නැහැ. ආණ්ඩුවට ලැබෙන වැට් බදු වැනි බදුත් අඩුවෙනවා. මම හොඳ උදාහරණයක් දෙන්නම්.... 2006 වෙනකොට ජර්මනියේ ආර්ථිකය වැටිලා තිබුණේ ඔවුන් පොලී අනුපාතය 1% දක්වා අඩු කර ඊට පසු ගතවූ අවුරුදු 14 තුළ වසරින් වසර ආර්ථිකය විශාල ලෙස වර්ධනය වුණා.

:       0       59

amda Thursday, 18 June 2020 10:01 PM

මහා උගත් එරාන් මහත්තයලාගේ කාලේ ආර්ථිකය දියුණු වෙන්න මොනාද කළේ.

:       0       0

SL Friday, 19 June 2020 02:42 AM

මේ වගේ අය තමයි ලංකාවේ දේශපානය කරන්නේ. මිනිස්සුන්ට බැංකු පොලියෙන් කාල බීල ජීවත් වෙන්න උගන්වන අය. මහලොකු ආර්ථික කාරයෝ. බැංකු ටික ගිනි පොලියෙන් ගොඩ ගියහම හරි.. ආයෙත් ආර්ථික න්‍යාය ඉගෙන ගෙන ආවනම් හරි.

:       0       0

ගිනි පොලි Friday, 19 June 2020 03:29 AM

කයිවාරුවට කලින් මෙතරම් බැංකු පොලි තියෙන දියුණ රටක් නම් කරලා කීවානම් හරි මොකද අපිත් ඒ ප්‍රතිපත්ති බලල අපේ රට දියුණු කරන්න.... එතකොට අධික පොලි ලාභයක් ලබන බැංකු ටිකත් බේරාගෙන, රටේ මිනිස්සුන්ට රැකියා සපයන, රටේ GDP එකට් ඍජුවම දායක වන කර්මාන්තත් බේරාගෙන ,රටත් දියුණු කරගත්ත හැකි.... පොලියෙන් ජීවත් වෙන අයටත් සරු වෙයි කුහක වෙන්නේ නැතිව කියන්න හොඳේ!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site