(හර්ෂණ තුෂාර සිල්වා)
පරාජය දැක ඉන් වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය වද්දමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ පැවැසීය.
ඇතැම් කණ්ඩායම් නැති බියක් ඇති කරමින් මාපියන් හා දරුවන් බිය වැද්දීමට කටයුතු කරමින් සිටින බව ද මුදල් අමාත්‍යවරයා කීවේය.
මුදල් අමාත්‍යාංශයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි අමාත්‍යවරයා මෙසේ ද කීය.
“ දකුණු පළාත් සභාවේ සහකාර අධ්‍යාපන ලේකම්වරයෙක් යැවූ ලිපියක් අනුව සඳුඳා දිනයේදී දකුණු පළාතේ විදුහල්පතිවරුන්, මාපියන් කැඳවා පාසල් තුළ හදිසි මෙහෙයුම් කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. මෙය සිදුව තිබෙන්නේ සඳුඳා දිනයේදී. නැවත ගුරු දෙගුරු රැස්වීම් පවත්වන ලෙසත් පාසල් දරුවන්ගේ බෑග් සෝදිසි කරන ලෙසත් එහිදි උපදෙස් දී තිබෙනවා.
මේ නිසා මාතර දිස්ත්‍රික්කය තුළත් දකුණු පළාතේ පාසල් දරුවන් තුළ, මාපියන් තුළ දැඩි බියක් සහ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ සහකාර අධ්‍යාපන ලේකම්වරයා යැවූ ලිපිය නිසයි. ඔහු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් මේ ලිපිය යවා තිබෙනවා.
ඔහු මෙම ලිපිය යවා තිබෙන්නේ ජනාධිපති ලේකම්වරයා පසුගිය කාලයේදී යවන ලද පොදු චක්‍රලේඛන පදනම් කරගෙනයි. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් අප්‍රේල් 21 වැනිදායින් පසුව පොදු චක්‍ර ලේඛන තුනක් යවා තිබෙනවා. ඔහු එහිදි ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්කම සිහිපත් කර තිබෙනවා. එහෙත් යළි හදිසි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවක් ඔහු සඳහන් කර නැහැ.
මම මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කළා. මම රහස් පොලිසියේ ප්‍රධානියාට කතා කළා. බුද්ධි අංශයේ ප්‍රධානියාට කතා කළා. දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාට කතා කළා. අධ්‍යාපන අමාත්‍යවරයාට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කළා. මෙවැනි ලිපියක් යැවීමට අවශ්‍යතාවක් නැති බව ඔවුන් සඳහන් කළා. හදිසි තත්ත්වයක් නැති බව ඔවුන් තහවුරු කළා
පසුගිය කාලයේදී ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සියයට 95කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ නිලධාරීන් මට තහවුරු කළා. අද බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටිනවා. ඒ වගේම රටවල් බොහෝමයක් රතු නිවේදන ඉවත් කරගෙන තිබෙනවා.
හදිසි තත්ත්වයක් තිබෙනවා මෙවැනි ලිපියක් යවන්න ඕනේ දකුණු පළාත් ආණ්ඩුකාරවයා. එහෙමත් නැතිනම් අධ්‍යාපන අමාත්‍යවරයා. එහෙත් මේ ලිපිය යවා තිබෙන්නේ සහකාර අධ්‍යාපන ලේකම්වරයෙක්.
මේ නිසා අපට විශාල සැකයක් ඇති වෙනවා. මේ ලිපිය සත්‍ය වශයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් යවන ලද ලිපියක් ද නැතිනම් ජනාධිපතිවරණය මුල් කරගනිමින් හිතාමතා නොසන්සුන්තාවක් ඇති කරන්නට යන කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියන ප්‍රබල සැකය අපට තියෙනවා. දේශපාලන වාසි ගන්නට කරන ක්‍රියාවක් ද කියන සැකය අපට තියෙනවා. ඒ නිසා මම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මේ සම්බන්ධයෙන් හදිසි ලිපියක් යවා පැමිණිල්ලක් කළා. මෙම සිදුවීම ගැන සොයා බලන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටියා.
දකුණු පළාත තුළ පමණක් නොව රට තුළ භීෂණයක් ඇති කරන්නට ඇතැම් පිරිසක් උත්සාහ කරමින් සිටින බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. පරාජයෙන් වියරු වැටී සිටින යම් යම් කණ්ඩායම් ජනතාව බිය ගැන්වීමට උත්සාහ කරනවා. නැති බියක් ඇති කරමින් මාපියන් දරුවන් නොසන්සුන් කරන්නට උත්සාහ කරනවා. මේ වගේ වෙළෙඳ දැන්වීමක් ද තියෙනවා. මෙය වෙළෙඳ දැන්වීමත් සමඟ යන කුමන්ත්‍රණයක් කියන සැකය අප සතුව තිබෙනවා.
මෙවැනි නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කිරීම ගැන රහස් පොලිසිය, බුද්ධි අංශයේ නිලධාරීන් පුදුමයට පත්වුණා.
මෙවැනි සිදුවීම් වාර්තා වුණාම අම්මලා තාත්තලා බය වෙනවා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ජනතාවට දොස් කියන්න බැහැ. මෙවැනි ලිපියක් ලැබුණාම ඒ අනුව පියවර ගන්න විදුහල්පතිවරුන්ට චෝදනා කරන්න බැහැ. ඒ නිසා මේ ආකාරයේ ව්‍යාජ බිය ගැන්වීම් පිළිබඳ තොරතුරු ලැබුණාම ඒවා පතුරුවන, පදනම් විරහිත ප්‍රකාශ කරන, බොරුවට ජනතාව බිය වද්දන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වගකීමක් ආරක්ෂක අංශවලට තිබෙනවා.
අද තිබෙන ත්‍රස්තවාදී ජාලය නිසා නිව්යෝක්, වොෂින්ටන්, ලන්ඩන්, පැරිස් ආදී ලෝකයේ ඕනෑම අගනුවරකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ අපිත් මේ දේවල්වලට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රහස් පොලිසිය, බුද්ධි අංශ ලෝකයේ අනෙකුත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල සහාය ගනිමින් අයි.එස්. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ එම පියවර ගෙන තිබෙනවා.
ජනතාව ලෙස අපිත් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ත්‍රස්තවාදීන්ගේ මුවාවෙන් රට තුළ භීෂණය, නොසන්සුන්තාව ඇති කිරීමට ක්‍රියා කරන අය ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. ආරක්ෂක අංශ හා බුද්ධි අංශත් බොරු ප්‍රචාර යවන අය පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕනේ”.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පරාජය දැක වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය ගන්වනවා‘‘