බිඟුන් මේනක ගමගේ
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ කේවල් කිරීමේ තීරක බලය ඉහළ ගිය බවත් ජවිපෙ එයින් කළේ තුට්ටු දෙකේ වැඩක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කළේය.
නුඹලා මා බේරා නොගන්නේ නම් ආණ්ඩුව බේරාගැනීමට මාගේ පක්ෂයේ ඡන්ද ලබා නොදෙන්නේ යැයි කියන්නට මෙමගින් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට අවස්ථාව උදා වී ඇතැයි ද ජවිපෙ එයින් කරන්නේ අනියමින් ඔහු ආරක්ෂා කිරීමක් යැයි ද වීරවංශ මන්ත්‍රීවරයා කීවේය.
ජාතික නිදහස් පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කළේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාසයක් පිරෙන අද (21) මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ගැන කාදිනල්තුමන් දැනුම්වත් කළ බව ද මන්ත්‍රීවරයා කීය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ මොහොමඩ් ඊබ්‍රාහිම් යනු රිෂාඩ් බදියුදීන්ගේ ද හිතවතෙක් යැයි ද එනිසා ජවිපෙ වුවමනාව තේරුම් ගත හැකි යැයි ද මන්ත්‍රී වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙ විශ්වාසභංගය තුට්ටු දෙකේ වැඩක්