IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’

පුෂ්පකුමාර මල්ලවආරච්චි )

‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අද ( 19) පැවසීය.

ෆොන්සේකා මහතා මේ බව සදහන් කලේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක්  අමතමිනි.ඒ මහතා මෙසේද කීය.
 
කොරෝනා නිසා නියම දිනයේ මැතිවරනය කියන්න බැරි වුන නිසා පාර්ලිමේන්තුව  කැදවන්න යුතුකමක් තිබුනා. දඩබබර ලෙස බෑ කියලා හිතුවක්කාර ලෙස මුදල් වියදම් කරනවා.ව්‍යවස්ථාව  නොසලකා කටයුතු කරනවා.

ජනතා හද ගැස්ම නොතේරෙන ගෝඨාභය නිතරම තද වෙලා දත්මිටි කකා ඉන්නවා. හැමෝටම දෙහි කපනවා. මෙහෙම කරන්නේ ජනාධිපතිවරයාට ජනතා හද ගැස්ම නොතේරෙන නිසයි.

දැන් බන්ධනාගාරය සුද්ද කරන්න හදනවා ලේකම්කම කරන  කාලේ නොකළේ ඇයි. බන්ධනාගාරය සුද්ද කරන්න එච්චරම ඕන කමක් තියෙනවනම් මගේ අයින් කරපු ඇඳුම් සූට් තුන හතරක් තියෙනවා එකත් ඇඳන් ගිහින් සුමාන තුනක් විතර හිටිය නං ගෝඨාභයට කුඩු බෙදන හැටිය බලාගන්න තිබුණා
මංගල සමරවීර පක්ෂයෙන්  ඉවත් වීම අපට  ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි.එයා ඇතුළු කීප දෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැතැයිද ෆොන්සේකා  මහතා මෙහිදී සඳහන් කළේය   
 



අදහස් (32)

’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’

Bamunuarachchi Friday, 19 June 2020 01:29 PM

තමන්ව ගොනාට අන්දන අය දැන ගන්නම ඔයිට වැඩිය කාලයක් යනවා.. ඕක නොදැන නේද හමුදාවෙන් එළියට ආව ගමන් ජනාධිපති තරඟෙට ගිහින් අනාගත්තේ. හලෝ ඕක අවුරුදු 10 තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවෙයි ජනතා හදගැස්ම... එ්ක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ජනාධිපති තරඟයේදී වෙනස් වෙච්ච හැටි දැක්කානේ. සිංහලයාට හම්බයින්, දෙමළුන් එපා වුනහැටි දැක්කනේ. ඒ හද ගැස්මේ වෙනස් වීමක්. ඒක දැන් දිගටම යනවා. ඒ හද ගැස්ම මාස 7න් වෙනස් වෙන්නේ නැත. ඔබ වගේ අවංක කෙනෙක් ගෝඨා සමග එකතුවිය යුතුයි. අරගොල්ලෝ ඔබගේ දේශපාලන අත්දැකීම් නොමැතිකම තේරුම් ගෙන ඔබව ගොනාට ඇන්දුවා...

:       0       0

විජේ Friday, 19 June 2020 01:37 PM

සරා ගොයියා හරි මිනිහා.. තුවක්කුවත් බිමින් තියා ඡන්දය දඩයමේ ගියා..

:       0       0

Pradeep Friday, 19 June 2020 01:49 PM

ඔබ හිතන්නේ ඔබ ජනතා හද ගැස්ම හඳුනා ගෙන තිබෙනවා කියා නම් ඒක ඔබට සිදුවූ බරපතල වැරැද්දක්. අනික ඔබ බන්ධනාගාරය තුළ සිටි කාලයේ බන්ධනාගාරයට කුඩු සැපයෙන ආකාරය ගැන දැනගත්තා නම් ඉන් නිදහස් වී ආණ්ඩුවේ ඇමති තනතුරක් දරන කාලයේදී ඒ ගැන සොයා නොබැලුවේ ඇයිදැයි මට නොතේරේ. ඡන්ද කාලයට සැවොම සුදු පිරුවට ඇදි උපාසකයෝය. නමුත් ඉන් පසු?... මම කිසිඳු දේශපාලකයෙකුට ආනොවඩමි. මට පෙනෙන වැරදි ගැන පමණක් කතා කරමි..

:       0       0

Prabha Friday, 19 June 2020 02:30 PM

මෙයත් කට ඇරියොත් කියන්නේ වල් පල්ම තමයි.

:       0       0

chandima Friday, 19 June 2020 02:55 PM

දැන් ඔබතුමා මොකද හිතන්නේ රනිල් නායකතුමා ගැන? ඔය කියන හදගැස්ම එයාට තේරිලද? නැද්ද? ඔන්න හරියට කිව්වොත් තමයි හපනා.

:       0       0

Ramani Friday, 19 June 2020 03:21 PM

ඔබතුමා නේද දැන් මාස ගාණකට උඩදී රනිල් ළඟ ඉන්න ගමන් සජිත්ට වැඩ බැහැ කිව්වේ...? දිවේ ඇට නැති බව තමයි ඔප්පු කරන්නේ...

:       0       0

nishan Friday, 19 June 2020 04:22 PM

ඔබ කියන දේවල් සහතික ඇත්ත. වාසනාවට ඔබතුමාගේ හදගැස්ම අදුරාගන්න බැරිවෙලා.

:       0       0

තාරක Friday, 19 June 2020 04:31 PM

අපිට ඔය සුදු ඇඳුම අස්සේ ඉන්න මනුස්සයා අඳුර ගන්න සෑහෙන කාලයක් ගියා. නිළ ඇඳුම ඇතුළේ හිටපු රණ විරුවාට අදටත් අපි ගරු කරනවා.. ඒත් දැන් ඉන්න කුහක දේශපාලකයා දකිනකොටත් පිළිකුල්.. ජනතා හද ගැස්ම දන්න නිසා වෙන්න ඇති එදා කෝටි 4 වාහනයක් නැතුව වැඩ කරන්න බැහැ කිව්වේ .

:       0       0

nadeeka Friday, 19 June 2020 05:19 PM

ජනතාවගේ හදගැස්ම ගැන කතා කරන්නේ මිනිසුන්ට අපහාස කරන කෙනෙක්නේ.. ගෝඨාභය මහතා ගැන ජනතාව තේරුම් ගත්ත නිසයි බෞද්ධයින් සිංහල ඡන්දෙන් දිනෙව්වේ...

:       0       0

Laksitha Friday, 19 June 2020 06:00 PM

කට ඇරියොත් ඉවරයි...

:       0       0

මේනක Friday, 19 June 2020 06:47 PM

ඔබතුමාගේ නොහැකියාවට අනුන් පලිද?

:       0       0

චින්තක Friday, 19 June 2020 07:46 PM

තාම ඔයා ජනතා හද ගැස්ම අදුරගෙන නැහැ, තිබුනනම් අවුරුදු තිහක් යුද්දෙකින් බැටකාල නිදහස් වෙච්ච අපේ රට ඔයා ඩොලර්වලට "සුදු කොඩි" නඩුවකට පටලන්නෙ නැහැ.

:       0       0

Goldfish Friday, 19 June 2020 08:01 PM

දන්නා දෙයක් කතා කරන්න.

:       0       0

Wasantha Friday, 19 June 2020 10:26 PM

ඒකද රනිල් වගේ රට විනාශ කළ කෙනෙක් පස්සේ යන්නේ...?

:       0       0

Adam Friday, 19 June 2020 10:55 PM

මෙතුමා හිටපු වීරයෙක්... ඒත් දැන් එහෙම නෑ...

:       0       0

sam Friday, 19 June 2020 11:38 PM

ඔබතුමාට ජනතාවගේ හදගැස්ම තියා තම පවුලේ සාමාජිකයන්ගේ හදගැස්ම වත් තේරුම් ගන්න පුලුවන්ද?

:       0       0

මුණසිංහ Saturday, 20 June 2020 01:54 AM

මේ ප්‍රකාශ වලින් තේරෙන්නේ පෞද්ගලික වෛරයක් පිරිමහගන්න කටයුතු කරන බව. නමුත් ජනතා හද ගැස්ම ගෝඨා - ෆොන්සේකා අතුරින් වැඩියෙන්ම තියෙන්නේ කාටද කියලා ජනතාව කලින්ම හඳුනාගෙන තියෙන්නේ.

:       0       0

mp Saturday, 20 June 2020 02:03 AM

ඉරිසියාවෙන් සහ ද්වේෂයෙන් පිරුණු මේ වගේ අයට මොන දේශපාලනයක් ද? පහුගිය අවුරුදු 5 වැඩ කළේ හද ගැස්මට ද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 June 2020 02:47 AM

සරත් පොන්සේකා ඇතුළු රට බේරාගත් වීරෝධාර ආරක්ෂක නිලධාරීන් මොනම හෝ පක්ෂ දේශපාලනයකට සම්බන්ධ නොවී සිටියා නම්, මොනතරම් අගනේද ? ... මේ අය පක්ෂ දේශපාලනයට සම්බන්ධ වූ නිසා වර්තමානයේ ඇසීමට දැකීමට ඇත්තේ අමිහිරි දේය. එනම්, කොයි පැත්තෙත් සිටින වීරෝධාර සිංහයන්ට මඩ, අපහාස, උපහාස ලැබීමයි. එය ලෝක ස්වභාවයයි. එනම්, සිංහයා වැටුණු පසු ඒ සතාගේ ඇඟේ ගෙම්බන්ද නැඟීමයි... කිසිදු හමුදා වීරයෙකු දේශපාලනය නැමැති මඬගොහොරුවේ එරුනොත්, ඔහුගේ ගරුත්වයට එයින් වන්නේ සුළුපටු හානියක් නොවේ. හමුදා විරුවෙකු කුමන හෝ දේශපාලකයෙකුගේ අනුගාමිකයෙකු වී සිටිනතාක් ඔහු විරුවෙකු නොවේ. මෙය තිත්ත ඇත්තයි...

:       0       0

Lal Saturday, 20 June 2020 02:52 AM

යහපාලනය කාලයේදී හිටපු එක දේශපාලුවෙක්ගේ හරි නමක් කියන්න... අවංකවම ජනතා හදගැස්ම හඳුනාගත්තු.. වෙනස අපට දැන් පැහැදිලිව පෙනෙනවා.. දැනෙනවා.. වෙනස්වෙමින් පවතින වෙනසට අපි ආදරෙයි.. එවැනි වෙනසක් ඔබලා නොකිරීම ගැන කණගාටුයි..

:       0       0

Lal Saturday, 20 June 2020 04:14 AM

යහපාලනය කාලයේදී හිටපු එක දේශපාලුවෙක්ගේ හරි නමක් කියන්න අවංකවම ජනතා හදගැස්ම හඳුනාගත්තු.. වෙනස අපට දැන් පැහැදිලිව පෙනෙනවා. දැනෙනවා. වෙනස්වෙමින් පවතින වෙනසට අපි ආදරෙයි. රටට, ජනතාවට දැනෙන වෙනසක් ඔබලා නොකිරීම ගැන කණගාටුයි.

:       0       0

සේන Saturday, 20 June 2020 05:16 AM

දැන් අන්දරේලා දෙන්නයි.

:       0       0

upali Saturday, 20 June 2020 06:38 AM

එය ඔබගේ දුර්වල කමකි. හමුදා සේවයේ හදගැස්මවල් අවබෝධ කිරීම අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. මා වැරැදි නම් කරුණාකර නිවැරැදි කරන්න.

:       24       1

කමල් Saturday, 20 June 2020 08:24 AM

අනේ මෙහෙමත් ගුණමකු මිනිස්සුත් ඉන්නවානේ. අනික් උදවියට ඉහළින් උසස්වීමකුත් දීල හමුදාවත් බාර දුන්නාට පස්සේ තමන්ගේ දේශපාලන බලාපොරොත්තු බිද වැටුන නිසා වියරු වැටුනාක් මෙන් අපහාස මුඛයෙන් කතා කිරීම ලාංකිකයන්ට සුදුසු නොවේ. කලින් වීරයෙකු ලෙස සැලකූ නමුත් වැරදි වචන පාවිච්චි කිරීම නිසා පිරිහීමට පත් වෙමින් පවතින බව පෙනෙනවා. මෙතුමා දේශපාලනයෙන් අයින් වෙලා නැවත වරක් වීරයෙකු වන ලෙස ඉල්ලා සිටිනවා .

:       946       475

kamal Saturday, 20 June 2020 08:34 AM

අපේ ඉස්කෝලෙ ළමයෙක්ට 5 පන්තියේ වසර 2ක් ඉන්නවුණා. 6 පන්තියට පාස් වෙන්න..

:       717       14

kamani Saturday, 20 June 2020 08:58 AM

මගෙ කට හදාගන්න මට අවුරුදු 50ක් ගියා.

:       279       109

maheel Saturday, 20 June 2020 09:38 AM

මහින්ද ගෝඨා හින්දා හමුදාපති වුණා සිරිසේන හින්ද ෆීල්ඩ් මාෂල් වුණා... රනිල් හින්ද චන්ද 3000 ක් නොලැබිච්ච මිනිහෙකුට මන්ත්‍රීකම් විතරක් නෙවෙයි කැබිනට් ඇමතිකමකුත් හම්බවුණා. ඒ කිසිම දෙයක් මතක නැති පුදුමාකාර චරිතයක්. හමුදාවට විතරමයි හොඳ. මේ පාරත් පරාද තමා...

:       0       447

kiri battaSunday, 21 June 2020 04:42 AM

පෙන්ෂන් යන්න හිටි තමුන්ට හමුදාපතිකම, ෆීල්ඩ් මාර්ෂල්කම, මන්ත්‍රී සහ ඇමැති තනතුරු දීපු මොහු සජිත් ළඟ ඉන්නේ නීතිය සහ සාමය ඇමැතිකම දෙනවා කිව්වදා සිට. එය ලැබුණොත් එයත් අරන් සජිත්ට අනින දවස වැඩිදුරක් නැත.

:       0       2

මෝ Saturday, 20 June 2020 10:04 AM

මහත්තයෝ, ඔබතුමා අවුරුද 10ක් තිස්සේම කලේ ජනතා හදගැස්ම හදුනාගන්න දගලපු එක. ඒත් ජනාධිපති තුමා පත්වීම ලැබුනු මොහොතෙ ඉදලම ජනතාව වෙනුවෙන් මහන්සිය නොබලා අවංකව වැඩකරනවා. වෙනස ඔන්න ඕකයි. මහ ජනතාව ඕක හොදින්ම දන්නවා. තමුන්නාන්සෙලා තවම පරන වලේමයි. අරයට මෙයාට ඇගිලි දික්කරනව මිස වැඩක් කරන්න හිතලවත් නෑ. ජනාධිපතිතුමා වැඩ කරන හැටි බලලවත් හැදෙන්න මහත්තයෝ.

:       0       341

අතුල Saturday, 20 June 2020 12:54 PM

ඔබතුමා වසර 10 කින් ජනතා හද ගැස්ම හදුනාගත්තා වෙන්න පුලුවන්... ඒත් "ජනතාව ඔබතුමා ගැන තිබෙන හද ගැස්ම කොතෙක්ද යන්න අගෝස්තු 6 විතර දැනගන්න පුලුවන්" ඔබ සමග රාජකාරිකල හමුදා නිලධාරියෙකු විදියට මට නම් පා.ම. සරත් ෆොන්සේකා ගැන තියෙන්නේ කලකිරීමක්... ඒත් එකල යුද්ධයට අණ දීපු, ශ්‍රී ලංකාවට නිදහස ගේන්න පුරෝගාමියා වුනේ මහින්දවත්, ගෝඨාවත්, අනෙක් හමුදාපතිවරු වත් නොවෙයි. ඒ ජෙනරල් ෆොන්සේකා පමණයි. මට නම් ඔහු "නූතන දුටුගැමුණුට තරම් භක්තියක් තියෙනවා". ඒත් දැන් නම් ඔබ ඉන්නේ "මඩ ගොහොරුවක". මට තියෙන්නේ ලොකු කලකිරීමක්. කරුණාකර වේදිකාවෙන් බැස යන්න. තෙරුවන් සරණයි!

:       42       503

prasad Saturday, 20 June 2020 07:00 PM

හැම වෙලාවෙම වෛරයෙන් පුපුරන්න එපා. දේශපාලනයට ඇවිත් නිකන් සවුත්තු වුණා මිසක් කරපු සේවය කුමක්ද?

:       0       2

Bamunuarachchi Sunday, 21 June 2020 07:12 AM

ඕක තමයි අපි එ් දවස්වල කිව්වේ ඔබට දේශාපලන පළපුරුද්ද නැහැයි කියලා. අවුරුදු 40ක දේශපාලන පළපුරුද්දක් තිබෙන අය දන්නවා ජනතාවගේ හද ගැස්ම හා බීට් එක අඩු වැඩි වෙන විදිහ. කොහොමද 2019 නොවැම්බර් වල හදගැස්ම වෙනස් වුණු හැටි. හද ගැස්ම එක විදිහටම තිබෙන දෙයක් නොවෙයි... එය හිතේ හැඟීම් අනුව වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් දැනගෙන ඉන්න ඕනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 235 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1484 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 951 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7425 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 457 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1142 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site