IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජාතික ජන බලවේගයේ ආර්ථික ප‍්‍රතිපත්තිය එළිදකී

(මුදිතා දයානන්ද)
      
ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් ආර්ථික ප‍්‍රතිපත්තිය ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදි අද (21) එළිදැක්වීය.
      
මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පිටපතක් සංකේතාත්මකව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක, අනුර දිසානායක මහතා සිංගර් සමාගමේ හිටපු සභාපති, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති හේමක අමරසුරිය මහතා වෙත පිළිගැන්වූයේය.
      
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විශේෂඥ හිරාන් ප‍්‍රනාන්දු, ගෝල්පේස් හෝටල් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිහාල් මුහන්දිරම්, කොළඹ වාණිජ සංගමයේ ප‍්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ, ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඩොනල්ඞ් රාජපක්ෂ, ශ්‍රී ලංකා පෞද්ගලික තේ කර්මාන්ත හිමියන්ගේ සංමගයේ උප සභාපති ඩබ්. ජිනදාස, තරුණ ව්‍යවසායකයන්ගේ සංසදයේ හිටපු සභාපති කසුන් රාජපක්ෂ යන මහත්වරුන් වෙතද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පිටපත බැගින් දිසානායක මහතා පිළගැන්වුයේය. 

ඩිජිටල්කරණය, ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා දැනුම පදනම් වු ගුණාත්මක ජිවිතයක් හා නොසැලෙන ආර්ථිකයක් යන්න ජාතික ජන බලවේගයේ ආර්ථික ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන තේමාව වේ. එහි ඇතුලත් කරුණු අනුව රාජ්‍ය අංශයෙන් මූලික මෙහෙයවීම, මගපෙන්විම, සහයෝගය ඇතිව පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන්ගෙන් සමන්විත ආර්ථිකයක්  පවත්වාගෙන යාම අරමුණු වේ. පෞද්ගලික ව්‍යාවසායන් කිසිවක් රජයට පවරා නොගන්නා අතර ඒ සියල්ල සමස්ථ ආර්ථික ප‍්‍රගතිය වෙනුවෙන් කළමනාකාරණයකට ලක් කෙරේ. පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා නොදමන අතර රජයෙන් සියලූ දරුවන්ට සමව අධ්‍යාපනය සපයනු ලබද්දදීත් පෞද්ගලික අධ්‍යාපනය වෙත නැඹුරුවන්නෙකුට ඒ සඳහා ඉඩකඩ ලබාදේ.
      
සමෘද්ධිලාභීන් සම්පුර්ණයෙන්ම සවිබල  ගන්වා ආර්ථිකමය ස්වාධීනත්වයක් අත්පත් කරගන්නා තුරු පහළම ආදායම් ලබන පවුල් ලක්ෂ හය සඳහා විශේෂ ව්‍යාවසායකත්වව යෝජනා ක‍්‍රමයක් සමග සමෘද්ධි දීමනවා රුපියල් 10,000 දක්වා ඉහළ දැමීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කර ආර්ථිකය කරා ඔවුන් කැඳවා ගනිමින් රටේ නිෂ්පාදන ආර්ථිකයේ දියුණුවත් බදු ආදායම වැඩිකරගැනීමත් බලාපොරොත්තු වේ.  විදේශ ණය ගැනීම ප‍්‍රතික්ෂේප නොකරන අතර ඒවා ආදායම් උපයාගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීම අරමුණුවේ.
      
මෙම ආර්ථික වැඩපිළිවෙල සකස් කිරිමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාෂිකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශ‍්‍රියන්ත ප‍්‍රනාන්දු, පාර්ලිමේන්තු කොප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයලත්, ආර්ථික විශ්ලේෂක ගාමිණි වරුෂමාන, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දයානන්ද අම්බලන්ගොඩ මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මෙන්ම ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත වේ.

එහිදි කමිටුව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත, ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහත්වරු අදහස් දැක්වූහ. අනතුරුව එයට සම්බන්ධ වූ ව්‍යාපාරිකයන්ට, විද්වතුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද ප‍්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදෙන ලදී.
      
මෙම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ශ‍්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිමලා සිරිවර්ධන, එක්සත් සමාජවාදි පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, යහපාලන සඳහා වු ජාතික ව්‍යාපාරයේ උප සභාපති අබ්දුල් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුලූ විද්වත්හු හා ව්‍යාපාරිකයෝ පිරිසක් එක්ව සිටියහ.

  (ඡායාරූප- ඉෂාන් සංජීව)

 



අදහස් (0)

ජාතික ජන බලවේගයේ ආර්ථික ප‍්‍රතිපත්තිය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site