IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවසීය.
 
ආණ්ඩුව කොරෝනා ඇතුලු රටේ ප්‍රශ්නවලට විසඳම් ලබා දෙනවා වෙනුවට විමල් වීරවංශ මහතාගේ ගැටලුව රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කර ගෙන ඇතැයිද රත්නප්‍රිය මහතා සඳහන් කළේය. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව පුංචි බොරැල්ලේ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසීය.
 
“කොරෝනා වසංගත තත්ත්වය බරපතළ ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ආණ්ඩුව එන්නතක් ගෙනාවා. මේ එන්නත මාත්‍රා ලක්ෂ 5ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ මාත්‍රා ලක්ෂ 5 න් දෙන්න පුළුවන් 250,000කට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට 20%ට  මුල් අදියරේදී මේ එන්නත ලබා දිය යුතුයි. ඒ අනුව මූලික වටයේදී අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 440,000කට මේ එන්නත ලබාදිය යුතු වනවා. ඒ අනුව මේ ගෙනාපු එන්නත් ප්‍රමාණය කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ කියලා හරිම පැහැදිලියි.
 
කොවීඩ් රෝගීන් 5700ක් පමණ දෛනිකව රෝහල් ගතවෙලා තියෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශ වාර්තා අනුව පැහැදිලිවන්නේ. කොවීඩ්  රෝගීන්  900ගණන් 800ගණන් දැන් දිනපතා වාර්තා වෙනවා.  ඒ අනුව දවස් 10ක් ඇතුළත රෝගීන් 8,000ක් හෝ 9,000ක් රෝහල් ගත වෙලා තියෙන්න ඕන. කෝවිඩ් රෝගියෙක් අවම දින 14ක් වත් රෝහල් තුළ  රඳවා තබාගන්නවා. නමුත් දැන් රෝහල් වල ඉන්න 6000 ටත් අඩු ප්‍රමාණයක්. ඉතුරු රෝගීන්ට වෙච්ච දෙයක් නැහැ.කොළඹ සහ වෙනත් ප්‍රදේශවල තිබෙන කොවීඩ්  මධ්‍යස්ථාන වලට කොවීඩ් ආසාදිත රෝගීන් ඇතුළත් වෙන්නේ දින 6කට 7කට පස්සෙ කියලා  අපට වාර්තා වෙනවා. මේ කාලය අතරතුර මේ අය අනිත් අයට රෝගය බෝ කරනවා. මේ විදිහට කොවීඩ්  මර්දනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙනවද කියලා අපි අහනවා. ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ නිසා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයත් රටේ ජනතාවත් අනතුරට ලක්වෙනවා.
 
ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අද මුළුමනින්ම අසාර්ථක වෙලා තියෙනවා. අද දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලවලට කොරෝනා වසංගතය ව්‍යාප්ත  වෙලා තියෙනවා. රෝගී සත්කාර කරන සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගැනීම වෙනුවෙන්වත් ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැහැ.රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ආණ්ඩුව දැන් විමල් වීරවංශ මහත්තයා එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක ජාතික ප්‍රශ්නයක් බවට සමාජගත කරගෙන යනවා. ඒ ගැන දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින්  මාධ්‍ය වලත් ඉහළින් ප්‍රචාරය කරමින් මේක රටේ මිනිස්සුන්ට අස්සවන්න උත්සාහ කරමින් ඉන්නවා.
 
ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා සති දෙකකට සැරයක් ආණ්ඩුව මාධ්‍යයත් අල්ලගෙන අලුත් ප්‍රශ්නයක් ගෙනත්  ජනතාව හමුවේ තියෙනවා. කොරෝනාවට මුට්ටි ගඟට දැම්මා, ධම්මික පැනිය ගෙනාවා. රටේ ආර්ථිකය සෘණ අගයක් අරගෙන. ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. කොවිඩ් හැදිච්ච මිනිස්සු ගෙවල්වලට වෙලා ඉන්නවා. ජාතික සම්පත් විකුණනවා. මේ ප්‍රශ්න එකකටවත් ආණ්ඩුව උත්තර දීලා නැහැ.
 
ගිය ආණ්ඩුව කාලේ හමුදා මූලස්ථානය විකුණුවා. දැන් ලංකා බැංකු මූලස්ථානය විකුණන්න යනවා. අනිත් පැත්තෙන් විශාල පරිසරයක් සිදුකරමින් යනවා. අක්කර පනහ හැට ආණ්ඩුවේ ගජමිතුරන්ගේ බෙදමින් යනවා.ආණ්ඩුව ජනතාව පැත්තකින් තබා තම ගජ මිතුරන්ට සලකමින් සිටිනවා. ඔවුන් අද කොරෝනා  ව්‍යාපාරයක් කරගෙන තියෙනවා. එක රටක් එක නීතියක් කියා ගෙන ආපු  මේ ආණ්ඩුව දැන් දෙබිඩි නීතියක් ක්‍රියාත්මක කරනවා. කොරෝනාවේ දීත් රටේ ජනතාවට දෙවිදියකට සලකනවා.
 
අනිත් පැත්තෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් හරහා  ඉන්දීය විරෝධයක් ගොඩ නගමින් තියෙනවා. ආණ්ඩුව රටේ විදේශ ප්‍රතිපත්තිය ආරවුලකට දමමින් තිබෙනවා. මෙහි ප්‍රථිඵල ඉදිරියේදි අපිට භුක්ති විදීමට සිදුවනවා.මේ ප්‍රශ්න කළමනාකරණය කරන්නෙ නැතුව විමල් වීරවංශ මහත්තයාගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් කරගෙන තියෙනවා” යයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (7)

කොරෝනා මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ

Raveendra Thursday, 11 February 2021 07:56 AM

අරාජිතයගේ හොඳම හොඳ ගොට්ටන්ගේ පෙළපතින් පැමිණෙන මම අරාජිත ලියලා දෙන්නේ මොනවද? ඕනෑදෙයක් කියවමි. අනේ අම්මපා මෙලොදෙයක් නොදන්නා මමත් කෙටිකලකට හෝ කඩේ ගියානේ..

:       1       77

Bamunuarachchi Thursday, 11 February 2021 10:29 AM

මෙයා විශේෂඥ කෙනෙක් හැටියට කතා කරන්නේ. තමන්ගේ තරාතිරම දැනගෙන කතා කරන්න...

:       1       92

senarathSunday, 14 February 2021 03:42 AM

බමුණු මෙයා මේල් නර්ස් කෙනෙක් නේ ප්‍රාඩෝ එකෙන් යන. ඒ විතරක්ද එජාපයේ විධායක සභාවෙත් ඉන්නවනේ... මාසෙකට විතර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා වාහන හිමිකමකුත් ලැබුවණේ...

:       0       19

BamunuarachchiThursday, 18 February 2021 05:38 AM

බෙහෙත් ගන්න ලෙඩ්ඩු පෝලිමේ එනවද?

:       0       1

Senarath Sunday, 14 February 2021 08:43 AM

කවුද මේ මනුස්සයා..? කොරෝනා ගැන කතා කරන්න පුළුවන් සුදුසුකම් තියෙන කිසිවෙක් එජාපයේ නැතිද?

:       0       25

Lakmal Monday, 15 February 2021 04:12 AM

මෙයා හිතන් ඉන්නේ මෙයා කියන දේවල් මිනිස්සු අහයි කියලා...

:       0       24

Chinthaka Monday, 15 February 2021 10:01 AM

තමන්ගේ තැන දැනගෙන කතාකළොත් හොඳයි..

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 224 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 726 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site