(යොහාන් භාසුර)
කම්කරුවකුගේ සේවය අවසන් කිරීමේදී උපරිම වන්දි මුදල වන රුපියල් 1,250,000 ක මුදල ගැසට් නිවේදනයක් මගින් රුපියල් ලක්‍ෂ 25 ක් දක්වා ඉහළ දැමූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පෞද්ගලික අංශයේ විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 බවට පත්කළ අතර අවුරුදු 55 ක් වන පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය සහ කාර්යක්‍ෂතාව අනුව පෞද්ගලික ආයතනවලට විශ‍්‍රාම ගැන්වීම තීරණය කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි.
සේවකයකුට චෝදනා ඉදිරිපත් වී මාස 6 ක් ඇතුළත පරීක්‍ෂණ අවසන් කළ යුතු වන අතර කම්කරුවන්ට පහළ අධිකරණයෙන් වන්දි නියම වූ විට සේවායෝජකයා ඉහළ අධිකරණයට යන්නේ නම් පෙර වන්දි මුදල අධිකරණයේ තැම්පත් කළ යුතු වන සේ නීති සකස් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.