(ප්‍රින්ස් රත්නායක)
ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළීමට අවශ්‍යව ඇත්තේ ජනතාවට යහපතක් කිරීමට නොව තමන්ට පැණි කෑමට බවත්, අවුරුදු 20 කට කිරීමට නොහැකි වූ කටයුතු පසුගිය වසර තුනහමාරක කාලය තුළ අගමැතිතුමාගේ නායකත්වයෙන් තම පක්ෂය කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.
තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද (14) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.
“පොහොට්ටුව කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තිබුණා පසුගිය දවසක මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා. හැබැයි ජනතාව දන්නවා මේ හොර නඩය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉතිහාසයේම කරලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු හොර නඩයේ පැණි ගොට්ටේ රස බලපු එක විතරයි. මට කියන්න තියෙන්නේ පැණිවල රස දන්න නිසා මොවුන්ට ආණ්ඩු බලය නැතිව ඉන්න බැහැ. දුප්පතා වෙනුවෙන් නෙවෙයි මේ අය වැඩ කළේ රාජපක්ෂ පරම්පරාවට විතරයි.
ඔය කියන පොහොට්ටුවේ අයට මම කියන්නේ 1994 ඉදලා 2014 ට සාපේක්ෂව අවුරුදු 20 ක කාලයක් කරන්න බැරිවුණු වැඩ කොටසක් පසුගිය කාලය තුළ අපි කලා. මේ අයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අපේ අග්‍රාමාත්‍යතුමාත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත්. ඒ නිසා චෝදනා කරනවා. විවිධ කුමන්ත්‍රණ කරනවා. මේ අයට රාජපක්ෂ වරුන්ගෙන් හැර වෙන විකල්පයක් නැහැ වෙන නායකයෙකුත් නැහැ .ඒ නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ. බලයේ හිටිය කාලයේදී ඔය කෑ ගහන අයගෙන් මට අහන්න තියෙන්නේ මොනවාද කළේ කියලා”
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ පැණි කන්නයි