(නිමල කොඩිතුවක්කු)
 
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් එල්ල වූ බෝම්බ ප‍්‍රහාර එක්සත් ජාතික පක්ෂය තමන්ගේ  ගැලවීම සඳහා යොදා ගන්නා බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පැවසීය.
 
මෙම ප‍්‍රහාරයත් සමග රටේ පවතින  ආර්ථික ගැටළු,  යූ. එන්. පී විරෝධී ගැටළු  මෙන්ම   මැතිවරණ කල් දැමීමේ මාර්ගයද  ඔවුන්ට  හිමි වන බව  නානායක්කාර මහතා සඳහන් කළේය.
 
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ අද(22) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
  
 “දිගින් දිගටම රට තුළ සිදුවූ කළහකාරී සිදුවීම්වල දිගුවක් විදියට මෙම සිදුවීම හඳුන්වාදිය හැකියි. මහනුවර දිගන සිදුවීමත් මෙයට සම්බන්ධයි. මෙම ප‍්‍රහාරය  එයට වඩා පළල්, ජාත්‍යන්තර බලයක් සහිතව ක‍්‍රියාත්මක වූ  කුමන්ත‍්‍රණයක් විදියට අපි දකිනවා.
 
මේ ප‍්‍රහාරයේ  ප‍්‍රතිඵල විදියට මේ අය බලාපොරොත්තු වුණේ  විශාල මුස්ලිම් විරෝධී කෝලහාලයක්. එයින් මුස්ලිම්වරු අතර  වඩාත් සටන්කාමී කණ්ඩායම් එකතු කරගැනීමයි ඔවුන්ට අවශ්‍ය වුණේ. 
 
එක්සත් ජාතික පක්ෂයත් මේක තමන්ගේ වාසියට හරවාගැනීමට උත්සාහ කරනවා.  මොකද  මේ ප‍්‍රහාරයත් එක්ක රටේ ආර්තික ප‍්‍රශ්න,  යූ එන්. පී විරෝධී ප‍්‍රශ්න යටපත් වෙනවා.  තවත් කලකට ඡන්දයක් නොපැවැත්වීමේ  මාර්ගය පෑදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ උවමනාවත් තවුහිත් ජමාන් අයගේ  වුවමනාත් අතර එක්තරා විධියක සංධිස්ථානයක් තියෙනවා කියලා අපිට පෙනෙනවා.
 
මුස්ලිම් විරෝධී කලකෝලහලයක් ඇතිවුණොත්  මේ ඇතිකරපු පිපිරීම් සීමාව  මෙපමණයි  කියලා මම හිතන්නේ නැහැ. මේ වෙච්ච සිද්දි අනුව මෙයට  වඩා ලොකු හැකියාවක් ඔවුන් සතුව තියෙනවා කියන එක අපිට පැහැදිලියි. 
මේ පිළිබඳව රාජ්‍ය බුදධි  අංශවලින් කළ අනතුරු ඇඟවීම් තමන් සහ කැබිනට් මණ්ඩලය නොදැන සිටි බවට  අගමැතිතුමා කරපු ප‍්‍රකාශය පිළිබ`දව අපි පුදුම විය යුතුයි. අගමැතිතුමන් එම ප‍්‍රකාශයෙන් තමන් විත්තිකරුවෙක් වුණා. කොහොමද අගමැති කෙනෙක් කියන්නේ  මේ රටේ රාජ්‍ය බුදධි  අංශවලින් කරන ලද අනතුරු ඇඟවීමක් ඔහු නොදැන හිටියා කියලා. මේ හදන්නේ ජනාධිපතිතුමා  පිට වරද පටවන්නයි. ඒවගේම එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ උත්සාහයක්  තියෙනවා.
 
මේක දුරදිග ගියොත් ව්‍යවස්ථාවට පිටින් අනීතික  ආණ්ඩු බලයක් ඇතිවීමේ අවධානමක් පවා තියෙනවා. ඒ නිසා මේ සිදුවීම් පිළිබඳ සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි ” යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.
 
ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම්  නීතීඥ  රාජා කොල්ලූරේ යන මහත්වරුන් සහ දේශ විමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝ ද මීට සහභාගී වූහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘එජාපය තමන්ගේ ගැළවීමට බෝම්බ පිපිරීම් සිද්ධි යොදාගන්නවා’