IMG-LOGO

“එජාපයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් විතරයි”

(මොහොමඩ් ආසික්)
 
ජනාධිපතිවරණය ළංවෙමින් තිබියදී එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ  ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් පමණක් බවත්, ඒ පිරිස ඉදිරි දිනවලදී තමන් සමඟ එක් වනු ඇති බවත්  මහනුවර දිස්ත්‍රික්  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද(10) පැවැසීය.
 
හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් පූජාපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා එසේ කීය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා මෙසේද කීය.
 
“මේ වන විට වැනෙන එක්සත් ජාතික පක්ෂ කාරයෝ කවුරුත් නෑ. මේ වන විට පාවෙන ඡන්ද කියල දෙයක් නෑ. ඒ ඔක්කොම අපිත් එක්ක එකතු වෙලා ඉවරයි.  තව ඉතිරිවෙලා තියෙනවා  ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක්.  මේ පිරිසට  කරුණු පැහැදිලි කරන්න ඕන. මුලින්ම ඒ අය තමන් දාගෙන ඉන්න කණ්ණාඩිය ගලවලා  මේ රට වැටිල තියෙන තත්වය බලන්න  ඕන. මේ රට මේ තත්වයට වැටීමට වග කියන්න ඕන කැපුවත් කොළ කියන ඔය අයගේ නායකයින් කියලා ඔවුන්ට කියල  දෙන්න ඕන. 2015 ජනාධිපතිවරණය තියෙනකොට මේ රට තිබුණේ  හොඳ තත්වයක.  ආර්ථික වර්ධන වේගය තිබුණා  7.8% ක තත්වයක. එදා  මේ රටේ ත්‍රස්තවාදයක් තිබුණේ නෑ, සාමය තිබුණා.  
 
නමුත් 2015  ඒ රජය බලයට පැමිණීමත් සමඟ 2019 මැතිවරණය පවත්වනකොට  ඒ තිබුණු සියලු  දේ නැති වෙලා ගියා.  ඊට හේතුව වෙන කිසිවෙක්වත්  නෙවෙයි, එක්සත් ජාතික පක්ෂ පාලකයනුයි. එක්සත් ජාතික පක්ෂයට  ආදරය කිරීම ගැන අපට ගැටලුවක් නැහැ. නමුත් ඒ පක්ෂයේ වර්තමාන නායකයින් ගැනයි ගැටලුව තියෙන්නේ.  2015 ජනාධිපතිවරණය පැවැත්වෙනකොට රටේ තිබුණේ සාමාන්‍ය තත්වයක්. ඒ තත්වය 2019 වෙද්දි අසාමාන්‍ය තත්වයක් බවට පත් වෙලා” යැයිද ඒ මහතා කීය.



අදහස් (0)

“එජාපයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් විතරයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site