එෆ්.අස්ලම්
උතුරේ අර්බුදයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් මෙරට සියලු ජනතාවට සම අයිතිවාසිකම් විදිමින් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා සඳහන් කළේය.
රට තුළ දියුණුවක් ඇති වීමට නම් දේශපාලන විසඳුමක් ගෙන ඒම මූලිකවම සිදුවිය යුතු බවත් මෙකී අර්බුදයට විසඳුම් නොදෙන තාක් කිසිදු දියුණුවක් හෝ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ජාතික තෛපොංගල් උත්සවයට එක්වී අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේ පැවසීය.
මේ රටේ යුද්ධයක් සිදුවෙලා අවසන් වුණු රටක්. මේ යුද්ධය ඇතිවෙන්න හේතු කාරණා රාශියක් පැවතුණා. ඒ හේතූන් තාමත් එලෙසමයි. මේ යුද්ධය සිදුකරන්න ශ්‍රී ලංකාවටයි මෙරට හමුදාවටයි ජාත්‍යන්තරය විශාල සහායක් දැක්වුවා. ජාත්‍යන්තරය මේ සහාය හා එකඟතාව දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට එක් පොරොන්දුවක් වුණා. ඒ මේ යුද්ධයට මුල් වූ කාරණාවන් සියල්ල විසඳලා පිළිගන්න පුළුවන් දේශපාලන විසඳුමක් ලබා දෙනවා කියලා. ඒ අනුවයි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට සහාය හා එකඟත්වය ලබාදුන්නේ.
නමුත් ශ්‍රී ලංකා රජයේ ඒ පොරොන්දුව මෙතෙක් ඉටුවෙලා නැහැ. එය අනිවාර්යෙන්ම ඉටුකළ යුතු පොරොන්දුවක් වගේම වගකීමක්. පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් විදිහට වෙනස් කරලා. ඒ සභාව විසින් කමිටු පත්කරගෙන දේශපාලන විසඳුමක් ගේන්න උත්සහ කලා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිහිපයක්ම ඉදිරිපත් කර තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් අරගෙන නැහැ.
ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ගෙන ඒම මූලික අවශ්‍යතාවක්. සිංහල දෙමළ මුස්ලිම් යන සියළු ජනතාවට සම අයිතිය විදිමින් ජීවත්විය යුතුයි. ඒ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තාක් රටේ දියුණුවක් හෝ ප්‍රගතියක් සිදුවෙන්නේ නැහැ. ඒ තමයි ඇත්තම තත්වය. මෙය සියළු දෙනාම අවබෝධ කරගත යුතු කරුණක්. පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් මේ ප්‍රශ්නය 70 වසරක් දිස්සේ ඇදගෙන ඒම ක්‍රමය නෙවෙයි. එය වැරදියි කියල කියනවා. මේ රටේ ස්ථිර සාමයක් ගොඩනැගිය යුතුයි.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘උතුරේ අර්බුදයට නව ව්‍යවස්ථාවක් මගින් විසඳුමක් ඕනෑ’