IMG-LOGO

ඉදිකිරීම් කර්මාන්ත නියෝජිතවරු - හඳුන්නෙත්ති අතර හමුවක්

(මුදිතා දයානන්ද)
         
ශී‍්‍ර ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතවරු පිරිසක් අද  (22) ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
         
සිය ගැටලු සඳහා විසඳුම් යෝජනාවලියක්ද ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීම සඳහා ඔවුහු හඳුන්නෙත්ති මහතා වෙත භාරදුන්හ.
         
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ දී  මෙම හමුව සිදුවිය.
         
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විවිධ අංශවල නිරත වෘත්තිකයන් සහ සාමාජික සංවිධාන මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔවුන්ගේ යෝජනාවලියට ඇතුළත්ව තිබිණ. ජාතික ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය තුළ මේ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර ඇති බව එහිදී හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.
         
මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ රංජිත් ගුණතිලක, ප‍්‍රධාන ලේකම්, ඉංජිනේරු  නිශ්ශංක එච්. විජේරත්න, ජාතික ඉදිකිරීම් සංසදයේ අධ්‍යක්‍ෂ, එන්. ජී. කේ. කරුණාවංශ, ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යා ආයතනයේ හිටපු සභාපති, වාස්තුවේදී, ඩී. එච්. විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ඉදිකිරීම් කර්මාන්ත නියෝජිතවරු - හඳුන්නෙත්ති අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site