IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක (කෝටි 62 ) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධානය කළ හොරණ ගෝනපල ප්‍රදේශයේ පාක්ෂික හමුවක් අමතමිනි.

අමාත්‍යවරයා මෙසේද කීය.

කෑගල්ල නගර සභාවේ සභාපති ජි. කේ. සමරසිංහ ලක්ෂ 103 .5 යි , බලන්ගොඩ නගර සභාවේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. පි. ගුණරත්න රුපියල් ලක්ෂ 104.5 යි , කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජි. ඒ. මුණගොඩ රුපියල් ලක්ෂ 109.5 යි , මිනුවන්ගොඩ නගරාධිපති එච්. කේ. ඩබ්ලිව්. ජයසේකර රුපියල් ලක්ෂ 122.56 යි , සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ රුපියල් ලක්ෂ 131 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එල්. පත්මකුමාර රුපියල් ලක්ෂ 129. 2 යි , රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් රුපියල් ලක්ෂ 139.9 යි , කැස්බෑව නාගරික මන්ත්‍රී පි. ඩි. ධර්මදාස රුපියල් ලක්ෂ 144.8 යි , අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පි. සෝමදාස රුපියල් ලක්ෂ 178 .7 යි , ගම්පා ප්‍රාදේශීය සභාවේ සභාපති කේ කේ අබේරත්න රුපියල් ලක්ෂ 221.6 යි , බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතින්ම සුනිල් ප්‍රේමසිරි රුපියල් ලක්ෂ 233.5 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩබ්ලිව්. එල්. විජේසේකර රුපියල් ලක්ෂ 267.5 යි , හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ආර් කුමාර රුපියල් ලක්ෂ 352 යි , කැස්බෑව නගරාධිපති නැන්දනිය ලාලිනි කැලුම් රුපියල් ලක්ෂ 392 යි , කොටි කාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජගත් කුමාර රුපියල් ලක්ෂ 450.6 යි , දඹුල්ල නගර සභාවේ සභාපති හේමන්ත ජාලිය රුපියල් ලක්ෂ 627.9 යි ,  කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 698.7 ක මුදලක් එලෙස ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ලක්ෂ්මන් පෙරේරායි එයාගේ නැන්දම්මයි අරන් තියෙනවා රුපියල් ලක්ෂ 1088 ක් භාණ්ඩාගාරයට ඔබ යවපු බදු මුදල් තමයි පසුගිය කාලයේ මේ විදියට තමන්ගේ හිතවතුන් අතරේ බෙදා ගෙන තියෙන්නේ

දැන් ඒවට වෙනම පරීක්ෂණයක් යනවා මොකද ආණ්ඩුවෙන් වන්දි ගත්තට අමතරව සමහර අය රක්ෂණයෙනුත් අරගෙන .

මෙහෙම තමයි ඒගොල්ලෝ භාණ්ඩාගාරය විනාශ කළේ.

 



අදහස් (0)

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1789 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 551 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1685 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1207 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 606 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site