IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සජිත්-පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී ගැටෙති

 

(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී  රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්‍රවන බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කළහ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටිමින් කියා සිටියේ කුලියාපිටිය, පන්නල ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා ඇති බවත් රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නැති බවත් තවම සමාජගතවී නැති බව කියමින් සිටීම බොරුවක් බවත්ය.


පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිවරිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තවමත් තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් සමාජගතවී ඇතැයි කිව නොහැකි බවයි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කොවිඩ් 19 දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් බව එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

 

ඒ යාල කොවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් ඔහුට දැනුම් දීමක් කිරීම හේතුවෙන් බව පවිත්‍රා වන්නි ආරච්චි ඇමැතිනිය කියා සිටි‍යාය. ඊට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන්ට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

විපක්ෂ නායකවරයා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ ගැන වසංගත රෝග විද්‍යා අංශය  තහවුරුකරලා විපක්ෂ නායකවරයාට මේ පිළිබඳව අපි දැනුම් දීමක් කළ බව සෞඛ්‍ය ඇමැතිවරිය පැවසුවාය.


මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවාද කරගැනීම නිසා පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් තත්ත්වයකට පත්විය.

(විපක්ෂනායකවරයා යාල බුතව බංගලාව අසල - ඡායාරූපය විපක්ෂනායකවරයාගේ ටිව්ටර් ගිණුම ඇසුරෙනි)



අදහස් (14)

සජිත්-පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී ගැටෙති

Rata Perata Wednesday, 21 October 2020 06:18 AM

මොන මෝඩයද මේ වගේ වට්ටි අම්මා කෙනෙක් එක්ක වැඩ කරන්නේ..? දන්නේ නැද්ද ඒ ගැන?

:       10       48

BamunuarachchiWednesday, 21 October 2020 01:49 PM

වට්ටි අම්මා කෙනෙක් එක්ක ලැවරිය වෙළෙන්දෙකු පැටළුණොත් ඔහොම තමයි. තව දැනගන්න ඕනේ නම් කියන්න...

:       0       0

BamunuarachchiThursday, 22 October 2020 02:20 PM

යාන්තම් ඇති මෑන් මොඩයා කියලා තේරුම් ගත්තා. වට්ටි අම්මලා දන්නවා මෝඩයින් හැන්ඩ්ල් කරන්න.

:       0       0

SUNIL MILANO Wednesday, 21 October 2020 06:55 AM

මිස්ටර් රටපෙරට... S.S.C. වත් පාස්නැති මෝඩයා කවුද කියලා දැනගත්ත එක හොඳයි. ඔය රැළම එකම බානේ තමයි.

:       34       14

mp Wednesday, 21 October 2020 07:05 AM

මොලයක් ඇත්තෙම නැහැනේ. ජනාධිපති වුනා නම් කොහොමද?

:       41       14

rihan Wednesday, 21 October 2020 07:14 AM

අනේ මේ පක්ෂයයි, විපක්ෂයයි සමගි කරන්න කවුරුවත් නැද්ද? ඔයගොල්ලෝ ඕක ඇතුලේ ගහගත්තා නම් රටට යන කල කුමක්ද? පොඩි ළමයි වගේ... ෂී ෂී හරි කැතයි.

:       0       12

prabha Wednesday, 21 October 2020 07:42 AM

අනේ සජිත් ඔයා පොසිටිව් නම් ඉතුරු 224ටත් දායාද කරන්න. තනියෙන් නොකා බෙදාහදාගැනීම උතුම් ගුණයක්නේ..

:       0       31

banda Wednesday, 21 October 2020 08:20 AM

මේ වට්ටි අම්මාට තමයි තේරෙන්නේ නෑනේ කොරෝනා සමාජගත වී අවසන් බව..

:       4       24

Chandana Wednesday, 21 October 2020 08:22 AM

මෝඩයින් දෙන්නෙක් කමෙන්ට් කරලා. පවිත්‍රා වුණාට අපවිත්‍රයි. මාර කටක් එක්ක තමයි සජිත් පැටලුණේ.

:       3       26

බද්රානි Wednesday, 21 October 2020 08:29 AM

රටට බලපාන ප්‍රධාන ගැටලුවකට එකට එක්වී විසඳුම් සොයනවා වෙනුවට, ප්‍රශ්න තළුමරමින් එකිනෙකාට දෝෂාරෝපණය කර ගනිමින් සිටින ජාතියක අනාගතය කෙබඳු විය හැකිද? කිසියම් තැනක යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඒ වරද නිවැරදි කර ගැනීම ප්‍රබුද්ධ ජාතියක ලක්ෂණය වුවත් අශිෂ්ඨ සමාජයක එසේ නොපවතින බව තමයි පෙනී යන්නේ. පුහු මාන්නය හා මමත්වය ඉස්මතු වූ ජනසමාජයක සියලුම ක්‍ෙෂේත්‍රයන් තුළ මැසිවිලි මිස, යහපත් සිතුවිලිවලට වටිනාකමක් නොමැති බව අපට නම් පසක් වී හමාරයි. බලය තුළ ඇතිකරගෙන සිටින පුහු මාන්නය හා උද්දච්ඡකම නිසාම එකිනෙකාට ගරු නොකරන නින්දිතව ක්‍රියාකරන ජනසමාජයක පැවැත්ම මතු දිනෙක ස්වභාවධර්මය විසින්ම තීරණය කරනු ඇත...

:       0       18

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 October 2020 09:54 AM

පවිත්‍රා නෝනා මොනවා කියවනවද මන්දා..? සමාජගත වෙලා නැහැයි කියන්නේ... එතකොට මේ රටේ සමාජවලින් නැතිව පිටරටවල සමාජ වලින්ද අපේ රටේ මේ රෝගය ව්‍යාප්ත වන්නේ... සමාජගත වෙලා නැති නිසාද මේ ගම්පහටත් ඇඳිරි නීතිය දැම්මේ... සජිත් මහතාත් හරියට ප්‍රතිවාදීන්ට උත්තර දෙන්න දන්නේ නැහැ. ඒක දුර්වලකමක්...

:       2       23

හීන්බාප්පා Wednesday, 21 October 2020 12:18 PM

විපක්ෂ නායකතුමා කැළණිවැලි දුම්රිය මාර්ගය වසන කාලේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කවුද කියලා අසන ගමන්ම එය වැසුවේ මැණික් ගරන්න නේද කියලත් අහන්න.

:       0       0

Koronadevi Wattiarachchi Wednesday, 21 October 2020 05:26 PM

කොරෝනා සමාජගත වෙලාද? නැද්ද කියන එක වැඩක් නැහැ. ඔය කොරෝනා ආව පාර්ලිමේන්තුගත කරන්න කවුරුවත්ම නැද්ද?

:       0       0

Kumaa Thursday, 22 October 2020 09:33 AM

ෂඩ් ඩවුන් කළා නම් හරිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
2021 පෙබරවාරි මස 08 955 0

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
2021 ජනවාරි මස 07 3272 12

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
2021 ජනවාරි මස 07 2853 10

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන
2021 ජනවාරි මස 05 3720 7

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ


තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
2021 ජනවාරි මස 05 3961 3

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ
2021 ජනවාරි මස 05 14474 53

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1151 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site