“දූෂණය කියන්නේ අපේ රට වෙලා තියෙන දරුණු වසංගතයක්. එහෙම නොවුණු කාලයක් තිබුණා. මේ දූෂණය
ඇති කරන මූලබීජ අපි මුලිනුපුටා දැමිය යුතුයි. දූෂණය සම්බන්ධ සෑම පැමිණිල්ලක්ම පරීක්‍ෂණ කළ යුතුයි. වරදකරු වුවහොත් උපරිම දඬුවම් දිය යුතුයි. මහ බැංකු සිද්ධියට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.
මෙහිදී අගමැතිතුමාට සම්බන්ධව ගෙන ඇති යෝජනාව තුළ යම් දේශපාලන වුවමනාවක් ඉටු කර ගන්න හදනවා. ඇයි මේ තරම් දියාරු වචන යොදා තිබෙන්නේ? මේ යෝජනාව දැන් ගෙනෙන්නේ ඇයි? මෙහි කරුණු ලියා තිබෙන ආකාරය බොහොම සරලයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිට චෝදනා නිශ්චිත නැහැ. ඊට හේතුව කරුණු හොයා ගන්න බැරිව තිබෙනවා. යෝජනාවේ කරුණු බොහොම දුර්වලයි.
මෙය අගමැතිට එරෙහිව ගෙනෙන යෝජනාවක් ද? මේ ආණ්ඩුව සම්මතයක් වශයෙන්ම බිඳ හෙළීමට ගෙනෙන
යෝජනාවක් ද? විශ්වාසභංග යෝජනාවේ විශ්වාසනීයත්වයත්තො රවෙලා. මේ අයගේ ඊළඟ ඉලක්කය ජනාධිපතිට විරුද්ධව විය හැකියි. ජනවාරි අටවැනිදා බලයට පත් කළ මේ රජය පෙරළා දමා ජනතා අපේක්‍ෂා ඉටු කරන්නේ කොහොම ද? මේ ජනවරමේ අගය තේරුම් ගන්න. අප මේ දේශපාලන කුමන්ත්‍රණයට යොදා ගන්න හදන්න එපා.
මේකට අපිව යොදා ගන්න හදන්නේ ඇයි කියල අපි දන්නවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන්න. අපි ආර්ථික අතින් දියුණු රටක් බවට පත් කිරීමට සමගිව කටයුතු කරමු. සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගන්න අපි ඕනෑම දේශපාලන පක්‍ෂයකට සහාය දෙන්න සූදානම්. ශ්‍රීලනිප නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට අපි කියන්නේ අපි එකට එකතු වෙමු. අපි එක්සත්ව කටයුතු කළහොත් අපිව වෙන් කරන්න බැරි වෙයි. 2015 ජනවාරි 8 ජනවරමට එරෙහිව කටයුතු කරන්න එපා කියලා මගේ පාර්ලිමේන්තු මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.”
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාසභංගයෙන් දේශපාලන වුවමනා ඉටුකරගන්න හදනවා