(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ඇමෙරිකාවට මෙරට භූමිය, ගුවන මෙන්ම මුහුදු සීමාව පරිහරණය කිරීමේ අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී අත්සන් කළ ඇක්සා ගිවිසුම මගින් බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
2007 වසරේ ජූලි මාසයේ අත්සන් කළ එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියොජනය කරමින් අත්සන් තැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට මේ වන විටත් ඇමෙරිකානු යුද නැව් පැමිණෙන්නේ එම ගිවිසුම අනුව විය හැකි බව කී මන්ත්‍රීවරයා අද එම නැව් ගැන කතාකරන මන්ත්‍රීවරුන් ගිවිසුම අත්සන් කළ කාලයේ නිහඬව සිටි බවද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ එම ගිවිසුම අත්සන් කළ සමයේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන් ඒ ගැන විමසීමක් කළ බවයි.
එම ගිවිසුමට තමන් අත්සන් නොකරන නිසා කලබල නොවන ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා හා තානාපතිවරයකු අත්සන් කරන එම ගිවිසුම වලංගු එකක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවත් නානායක්කාර මහතා කීවේය.
එහිදී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම ගිවිසුම වලංගුද නැද්ද යන්න ගැන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ යුතු බවයි.
2025 නොවැම්බර් මස 21
119
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
199
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1063
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇමෙරිකාවට මෙරට භූමිය පරිහරණය කරන්න අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ