(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අතුපාරය කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයක තිබූ බැනර් කටවුට් හා කොඩි ගිනිතබා කපා දමා විනාශ කොට ඇතැයි දඹුල්ල පොලිසියට අද (1) පැමිණිල්ලක් ලැබී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පැවසුවේ තම කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට තිබූ මෙම දේපළවලට කවුරුන් විසින් හානි කළේ දැයි යන්න නොදන්නා බවයි.
දේශපාලන අන්තවාදීන් මෙම විනාශය සිදු කර ඇති බව ඔවුහු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දඹුල්ලේ ජවිපෙ බැනර්, කටවුට්, කොඩි කපති
Sanath Monday, 01 January 2018 09:29 AM
මේ සැරේ හැමෝගෙම පොදු සතුරා වෙලා තියෙන්නේ ජ.වි.පෙ. ... ඒ කියන්නේ එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප., ඒකාබද්දෙ හැමෝම දන්නවා ජ.වි.පෙ. ජයග්‍රහණය කළොත් එයාලගෙ සෙල්ලම් ඉවරයි කියලා.
Bamunuarachchi Monday, 01 January 2018 10:49 AM
ඉතින් මොකද බලාගෙන ඉන්නේ දෙන්න රිටර්න් එක... ඔය ගොල්ලන්ගේ කව්රුහරි ඕක දැකලා ඇති...
sanathMonday, 01 January 2018 11:31 AM
රිටන් එක දුන්නොත් බමුණුආරච්චිටත් රිදෙයි.
himal Monday, 01 January 2018 11:49 AM
මේ ඡායාරූප වලට අනුව බැනර් වල හිටපු අපේක්ෂකයා එක්ක තිබ්බ තරහකට, ඒ කියන්නේ නාමයෝජනා නොලැබිච්ච අයෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්. ඡන්දෙ දාන්න යන මුල්ම පස් දෙනා ඝාතනය කරනවා කියපු, පාරේ පරාල ඇණ තියපු අයට තවත් මොනවද?
SathyayaaTuesday, 02 January 2018 10:36 AM
කෙනෙකුට විපතක් වුනහම සතුටු වෙන්න පුළුවන් දුෂ්ටයෙකුට පමණයි. අඩු වශයෙන් සතුටු වෙන්න ඕනේ විප්ලව කරන්න ගිය පිරිසක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත තෝරා ගෙන ආයුධ රහිතව ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉදිරිපත් වීම ගැන.
himalWednesday, 03 January 2018 05:46 AM
විප්ලව? එහෙම නම් කොටි කළෙත් විප්ලවයක් කියයි. ඉතිහාසයේ යම් දවසක මෙයාලා අවි නැවත භාර දීමක් කරලා තියෙනවද?එකතු කරපු අයි ඩී නැවත දීලා තියෙනවද?
banda Monday, 01 January 2018 12:33 PM
මෙදාපාර ජවීපෙ නොසිතු පෙරලියක් කරනවා.
Dinesh Kumara Monday, 01 January 2018 02:51 PM
මෙවර ජවිපෙ බහුතර බලයක් ගන්නවා සහතිකයි.
minipe Monday, 01 January 2018 05:11 PM
ඉවරයි. දැන් කොහොමද ඡන්දෙ දෙන්නේ. මේවා නැතිව අපිට ඡන්දෙ දෙන්න බෑනේ. පෝස්ටරයක් කියවා තමයි අපි අපේ පක්ෂය වෙනස් කරලා කාටද ඡන්දෙ දෙන්නේ කියල තීරණය කරන්නේ.
Bandara Tuesday, 02 January 2018 12:10 PM
පුළුවන් නම් පාර්ලිමේන්තුවට එදා තේරිච්ච හොදම සුපිරි මන්ත්‍රී 40 න් 15 ක් වේදිකාවට ගෙනත් පෙන්නන්න. අපිට ඡන්දෙ දෙන්න.