IMG-LOGO

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකත්වය දෙන්න - වර්ණසිංහ

 

 

මුදිතා දයානන්ද

 

පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතු යැයි ජාතික හෙළ උරුමයේ  සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා අද (20) පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කොරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී මෙම මහා සභා රැස්වීම පවත්වනු ලැබිණි.

පළාත් පාලන මැතිවරණය සඳහා භාවිතා කළ මැතිවරණය ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි රජයට යෝජනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා ගෙන ආ  යෝජනාවට අදහස් දක්වමින් වර්ණසිංහ මහතා මේ අදහස් පළ කළේය.

දෙමළ ජාතික සන්ධානය සැබෑ විපක්ෂ කාර්යභාරය ඉටුකරන්නේ නැහැ. ඔවුන් බොහෝ විට කටයුතු කරන්නේ ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායමක් ලෙසයි. ඒ වගේම ඔවුන් පෙනී සිටින්නේ උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හා යම් දේශපාලන වුවමනාවන් වෙනුවෙන්  පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතුයි.



අදහස් (17)

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකත්වය දෙන්න - වර්ණසිංහ

athula Tuesday, 20 February 2018 11:49 AM

එය ඒ එහෙනම් එක්සත් ජනතා සන්දානයෙන් අයින් වෙන්න ඕන අනේ නිකන් හිටහන් මිනිරෝ තව ප්‍රශ්න නැතිද කතා කරන්න රටේ දුක් විදින මින්ස්සු ගැන වගේ වගක් නැහැ මෙකලට තියෙන්නේ සිංහල මුස්ලින් කතෝලික යකෝ ඕව නොවේ ප්‍රශ්න අපරාද දුෂණ වංචා අවනීතිය ගසකම් මේවයි ප්‍රශ්න

:       362       251

බන්ඩාSaturday, 24 February 2018 01:14 AM

දැන් යූඑනිපියත් එක්ක එකට අාණ්ඩු පිහිටුවා ගෙන කට්ටියක් අැමති කටු සූප්පු කොලාට 2015 අගෝස්තු පාර්ලිමේන්තු චන්දෙදි මිනිස්සු ශ්‍රිලනිප ට චන්දෙ දුන්නෙ වෙනම අාණ්ඩුවක් පිහිටුවන්නය් නැත්නම් විපක්ෂෙට ගිහින් විපක්ෂ කාර්‍ය භාරය කොරන්නය්. නැතුව මහ බැංකු මංකොල්ල කාරයො එක්ක එකට හොරා කන්න නෙවෙය්. පලාත් සභා චන්ද ප්‍රතිපල වලින් මම කියන දේ පැහැදිලි වෙන්නෙ නැද්ද?

:       0       0

sampath Tuesday, 20 February 2018 12:22 PM

ඕක කලින් කියාන්න බෙරිව තිබුනේ එයි කියල කියන්න බෙරිද

:       0       3

rama Tuesday, 20 February 2018 12:57 PM

ඕක තම අපි කිව්වේ. ආණ්ඩුවට ඕන එයාලට පක්ෂපාතී විපක්ෂයක් නේ. ප්‍රසන නෑ

:       2       49

dhamneth Tuesday, 20 February 2018 04:32 PM

දැන් ජනාධිපතිතුමා මේ කට්ටියත් එක්ක ආණ්ඩුවක් හදනවනම් මේ කට්ටියට විපක්ෂ නායකකම දීල හරියන්නේ නැහැ.

:       0       0

maythree Tuesday, 20 February 2018 04:45 PM

හා හරි හරි දෙන්නම්

:       17       0

Chandra Tuesday, 20 February 2018 05:40 PM

ව්‍යවස්ථානුකූලව ඉඩකඩ තියෙනවද? එහෙම දෙන්න. හොඳට ඒවා ගැන හිතලා නේද අපි කතා කරන්න ඕනෑ. මොකද මේ රටට වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ කව්රුහරි කියලා දෙනවාද?

:       12       136

sg Wednesday, 21 February 2018 02:53 AM

මෙයාලගේ උපාය මාර්ග වැඩක් නැත, මෙයාලට යු එන පි එකේ නායකත්වය ගන්න වෙන්නේනේ නැත.

:       1       105

ගමයා Wednesday, 21 February 2018 09:13 AM

එතකොට ආණ්ඩුවේත් ශ්‍රී ලංකා කාරයා, විපක්ෂයත් ශ්‍රී ලංකා කාරයා එහෙමද...? ඒක වෙන්න පුළුවන්ද? කොහොම කතා කරනවද මන්දා....

:       59       107

KANDEPOLA Wednesday, 21 February 2018 09:21 AM

විපක්ෂයේ සැබෑ කාර්යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් රජයේ දෝෂ සහිත ක්‍රියාවලදී විරුද්ධ වීමයි. ද්‍රවිඩ සංධානයෙන් ඒ කටයුත්ත සිද්ධ වෙන බවක් පේන්න නෑ. එහෙම බලපුවාම ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂ නායකකම ලබා දීම ජනතාවාදී තීරණයක් වෙයි.

:       77       277

Gayan Wednesday, 21 February 2018 10:38 AM

එච්චරද දෙන්න ඕනේ? ඔය කියන හින්දම දෙන්නම් හොඳේ... මේ කවුද ?

:       15       53

ajith Wednesday, 21 February 2018 02:22 PM

ඒක හරි යන්නේ නැහැ. අගමැතිකම තමයි ඕනේ...

:       207       64

Alugolla Wednesday, 21 February 2018 11:25 PM

රටට ඕන කරන්නේ හොරුන් නොමැති රජයක්.ඒක කිසිදිනක වෙන්නේ නැති බව දනිමු.මහා බැංකුවට කෙලපු මහා හොරා අගේට පාර්ලිමේන්තුවේ ඉන්නේ. එකාට පුළුවන් ගොරක දඩමස් කරන්න දඩමස් ගොරක කරන්න.

:       19       249

chithrananda Thursday, 22 February 2018 12:07 AM

නිශාන්ත මහත්තයෝ,පාර්ලිමේන්තුවේ පිළිගත්ත දේශපාලන පක්ෂ තියෙන්නේ 06 යි.එකට මේ විකාර අටවගත්ත පක්ෂේ අහුවෙන්නේ නැහැ.ඔබ ඔය සිංහල ජන්ද ගන්න කරන කතාවක්නේ.රටේ ජනාධිපතියි,විරුද්ධ පක්ෂේ නායකයි එකම පක්ෂෙකින් එන්න බැරි බව නොදන්න තරම් බබෙක් ද ඔබතුමා.

:       307       75

Suneth GamindaFriday, 23 February 2018 07:03 AM

චිත්‍රානන්ද මහත්තයෝ එතකොට 1994 දී චන්ද්‍රකා නෝනා අගමැති වුණු වෙලාවේ ඩී බී විජේතුංග ජනාධිපතිතුමා යූ ඇන් පී එකේ, එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයත් යූ ඇන් පී එකේ. එතැනට ඔය එකම පක්ෂ කතාව අදාළ නැතෙයි? කන්දෙපොල මහතාගේ අදහස නිවැරදියි "විපක්ෂයේ සැබෑ කාර්යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් රජයේ දෝෂ සහිත ක්‍රියාවලදී විරුද්ධ වීමයි. ද්‍රවිඩ සංධානයෙන් ඒ කටයුත්ත සිද්ධ වෙන බවක් පේන්න නෑ. එහෙම බලපුවාම ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂ නායකකම ලබා දීම ජනතාවාදී තීරණයක් වෙයි"

:       0       0

Shan Thursday, 22 February 2018 07:15 AM

රටේ ඉන්න හොඳම ගොරකයෝ වීරයෝ වෙලා. කවුද මෙයා.................

:       11       68

Deepal Nirosh Saturday, 24 February 2018 07:23 AM

නමුන්නාන්සේ කියනකම් තමයි ආණ්ඩුව බලා හිටියෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 378 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 835 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site