(අනීෂා මානගේ)
තංගල්ල පලපොත කොට්ඨාශයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ නිවසට පැමිණි නාදුනන පිරිසක් විසින් අපේක්ෂකයාගේ සොහොයුරාට කඩුවකින් පහර දී තුවාල සිදු කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අද(13) අළුයම 3.00ට පමණ මෙම පහරදීම සිදු වී තිබේ. මැතිවරණ අපේක්ෂකයාගේ නිවස ඉදිරිපස කොස් ගසක සවිකර තිබූ ඔහුගේ ප්‍රචාරක පුවරුවක් කිසියම් පිරිසක් විසින් අද අළුයම ගලවා ඇති අතර මේ පිළිබදව විමසීමට අපේක්ෂකයාගේ සොහොයුරන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇත. පැමිණි පිරිස අපෙක්ෂකයාගේ වැඩිමහල් සොහොයුරාට(65) කඩුවකින් පහර දී පලා ගොස් ඇත. ඔවුන් එ.ජා.ප. අපේක්ෂකයාගේ ප්‍රචාරක පුවරු දෙකක් පුළුස්සා අපෙක්ෂකයාගේ නිවසට මීටර දෙසීයක් පමණ දුරින් දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා තංගල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එජාප අපේක්ෂකයාගේ සොහොයුරාට බෙලිඅත්තේදී මැර ප්‍රහාරයක්
banda Saturday, 13 January 2018 12:26 PM
මෙදාපාර අපි ජේවීපි
erdi Saturday, 13 January 2018 05:24 PM
පොඩි ඡන්දයකදී මෙහෙමනම් මහා ඡන්දයකදී මොනවා නොකරයිද..
Tissa Sunday, 14 January 2018 03:35 AM
බෙලිඅත්ත අයිති මහින්දට වෙන අයට ඉඩ නැත. රාජපක්සලාට හැර දේසපාලනය කරන්න අන් අයට අයිතියක්නැත.