සුළු මොහොතකින් සංහාරය නිමා කළ කොටි ත්‍රස්තවාදීන් එළියට පැන ගත්හ. හය හැවිරිදි නදීකාට කුමක් කළ යුතු දැයි නිනව්වක් නැත. එහෙත් එක්වරම ඇය දුටුවේ නිවසේ වහලය එකම ගිනි ජාලාවක් බවට පත් වෙමින් තිබෙන බවය. අතපය අවසඟ වුවද පුංචි කෙල්ල තීරණයක් ගත්තාය. ඇය බඩගාගෙනම මිදුල දෙසට ගියාය. ගිනි ජාලාවෙන් නික්මෙන ආලෝකයෙන් ඇය දුටුවේ ලේ විලක් මැද තාත්තා වැටී සිටින ආකාරයය.
මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්ගේ මරණ සහතිකය දැකීමේ වරම හිමි නොවේ. එහෙත් මියෙන්නට පෙර තම මරණ සහතිකය දෑසින් දැකීමේ දුලබ අත්දැකීම ලැබූ කාන්තාවක් සිටී. ඒ එම අත්දැකීම ලැබූ එකම කාන්තාව ලෙසය.
ඇගේ නම නදීකා මල්කාන්ති රත්නායකය. හතළිස් වියැති ඇය 70 හන්දිය ඇතිමලේ වැව, මොනරාගල ලිපිනයැති නිවසේ පදිංචිව සිටින්නීය. එහෙත් මෙයට වසර 34 කට පෙර ඇය පදිංචිව සිටියේ හීකඩුව ආර, ඇතිමලේ ගම්මානයේය.
තිස් වසරක කුරිරු යුද සමය තුළ මායිම් ගම්මාන ලෙස හැඳින්වුණේ මෙම ගම්මානයන්ය. නදීකාගේ ගමට මායිම් වූයේ කැබිලිත්ත දේවාලය පිරිවැරු මහා ගන වනාන්තරයයි. එම මහ ඝණ වනාන්තරය තුළ අණසක පතුරුවා සිටියේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ය. දින නියමයක් නැති මරණ සහතිකයක් අතැතිව ළමා විය ගෙවා දැමීමට නදීකලාට සිදුවිය.
1991 අප්‍රේල් 14 අලුත් අවුරුදු දා මරණය සැඟව ගත් රාත්‍රිය සෙමින් උදාවෙමින් තිබිණි. අලුත් අවුරුදු දා නිසාම මරණ බිය අමතකව පැයෙන් පැය ගෙවී යමින් තිබිණි.
එදා මොකද වුණේ’ ලේ ගලනා මරණය වැපුරූ අඳුරු සිදුවීම් මාලාව කියන්නැයි මම නදීකා මල්කාන්තිට ඇරයුම් කළෙමි. රෑ මැද සිහිනයකට බියෙන් තිගැස්සී අවදි වූ ළදැරියක මෙන් ඇය ඒ බිහිසුණු මතකාවර්ජනය මෙසේ ඇරැඹුවාය.
ඔය දවස් වෙනකොට මගේ වයස අවුරුදු 6යි. අක්කට 14 යි. මල්ලිට අවුරුදු 4 යි. චූටිම නංගිට අවුරුදු හතරාමාරයි. අම්මයි තාත්තයි ගොවිතැන් කරලා තමයි අපිව රැක බලාගත්තේ. ඔය වෙනකොට මම තිස්සපුර කනිටු විදුහලේ 1 වසරේ ඉගෙන ගන්නවා.
අලුත් අවුරුද්ද ගමට අලුත් සිරියාවක් ගෙන තිබිණි. මායිම් ගම්මානයක කටුමැටි ගැසූ ගෙපළක වුවද නදීකාලගේ ගෙදර අවුරුදු සිරිය දෝර ගලා යමින් තිබිණි. නදීකාගේ තාත්තා ගමේ ජනප්‍රිය අයෙකි. අවුරුදු දා සවස ඔහු ගමේම මිතුරන් පිරිසකට අවුරුදු සාදයක් සූදානම් කර තිබිණි. සවස 6 පමණ වන විට පැටී සුද්ද මාමා ඒ නිවෙසට පැමිණියේය. ඒ පස්මස් ගැබිනි බිරිය සහ තුන් වියැති දූ සිඟිත්තිය සමගය.
නදීකාගේ අම්මාත් පැටී සුද්දා මාමාගේ බිරියත් මුළුතැන් ගෙයි යුහුසුලු වෙද්දී දරුවෝ ගෙයි සාලය යැයි හැඳින්වෙන පටු බිම් තීරුවේ කෙළි සෙල්ලම් කරමින් සිටියහ.
‘වෙලාව හයයි තිහට හතට විතර වෙන්නැති. අපේ ගේ තමයි ගමේ අන්තිම කෙළවරේ තිබුණ ගේ. අපි දැක්කා කළුවරේ වුණත් හත්අට දෙනෙක් අපේ ගෙවල් පැත්තට එනවා. මම හිතුවේ ආමි එකෙන් එන්නේ කියලා. නමුත් ඇවිත් තියෙන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්.
‘ගෙදර පිරිමි කවුද ඉන්නේ’ එක් ත්‍රස්තවාදියෙක් කැඩුණු සිංහල බසින් ඇසුවේය. නදීකාගේ පියා සහ පැටි සුද්දා මාමා ඒ මොහොතේ සාලයෙ කතා කරමින් සිටියහ. ඇසිපිය හෙළන පමාවෙන් ඒ දෙදෙනා කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ගත්හ. දෙදෙනාම නිවෙසෙන් එළියට ගත්හ.
‘වැඩි වෙලාවක් ගියේ නෑ. අපිට ඇහුණා තාත්තයි පැටි සුද්ද මාමයි මරළතෝනි දෙනවා. බිත්තියට අත්දක තියාගන්න කියලා පොලුවලින් ගහලා. හැබැයි පැටි සුද්දා මාමා කොහොම හරි බේරිලා පැනලා තියෙනවා. අපි අම්මගේ චීත්තේ එල්ලිලා අඬනවා.’ නදීකා කියන්නීය.
යක්ෂයාගේ හෝරාව එළැඹියේ ඉනික්බිතිවය. කොටි ත්‍රස්තවාදීහු ගෙට කඩා පීනූහ. ඔවුන් අත කැති මන්නා පිහි තිබිණි. ජීවිතය ඉල්ලා මර ළතෝනි දීම හැර ඔවුන්ට අන් යමකට ඉඩක් නැත. කඳුළු පාව උදාසීන ඒ මොහොත් කොටි ත්‍රස්තවාදීන්ගේ කැති මන්නා පොරෝ පහරවල් ඒ මිනිස් සිරුරු පුරා විදුලි වේගයෙන් ගමන් කරන්නට විය.
&උන් හිතක් පපුවක් නැතිව අපි හැමෝටම කෙටුවා. මගේ ඔළුවෙන් ලේ වැක්කෙරෙනවා. ඇඟේ නොකැපුණ තැනක් නැති ගානයි. අපි ඔක්කොම එකගොඩේ වැටුණා. මුළු ගේම ලේ විලක් වගෙයි මට සිහිය තිබුණා.’ අම්මාට කඩුවෙන් කෙටුවා. නංගිවයි මල්ලිවයි උළුවස්සේ ගහලා මැරුවා.*
සුළු මොහොතකින් සංහාරය නිමා කළ කොටි ත්‍රස්තවාදීන් එළියට පැන ගත්හ. හය හැවිරිදි නදීකාට කුමක් කළ යුතු දැයි නිනව්වක් නැත. එහෙත් එක්වරම ඇය දුටුවේ නිවසේ වහලය එකම ගිනි ජාලාවක් බවට පත් වෙමින් තිබෙන බවය. අතපය අවසඟ වුවද පුංචි කෙල්ල තීරණයක් ගත්තාය. ඇය බඩගාගෙනම මිදුල දෙසට ගියාය. ගිනි ජාලාවෙන් නික්මෙන ආලෝකයෙන් ඇය දුටුවේ ලේ විලක් මැද තාත්තා වැටී සිටින ආකාරයය. කොහෙන් ඒ ශක්තිය ආවාදැයි ඇය නොදන්නීය. ඇය නැගී සිටියාය. තාත්තා වැටී සිටින තැනට ගියාය. එපමණකි. ඇය ඇද වැටුණාය.
‘&මට සිහිය තිබුණා. මුළු ගමේම ගෙවල් ගිනි තියලා. මහ දවාලේ වගේ හොඳට මුළු ගමම එළියයි. කොටි ආපහු එයි කියලා භයට මම තාත්තාට තුරුලු වුණා. දෙයියනේ මම දන්නෙත් නෑ. මට නින්ද ගිහිල්ලා.’ එදා රාත්‍රිය හරිම දිගයි.*
රාත්‍රිය සෙමින් ගෙවී යමින් තිබිණි. නිවාස 30 ක් 40 ක් පමණ තිබූ එම ගමේ සෑම නිවෙසක්ම ගිනිබත් වී තිබිණ. කිසිත් නොදන්නාක් මෙන් හිරු පායා එමින් තිබිණි. හය හැවිරිදි පුංචි කෙල්ලට ඇහැරිණි.
‘&මට නැගිට ගන්න බෑ. මම එහෙමම හිටියා. ඔය වෙලාවේ කටු තිලකේ මාමා එතැනින් යන්න ආවා. මම මාමගේ කකුලේ එල්ලුණා. මාමා මාව රෙද්දකින් පොරවලා උස්සලා ගත්ත. මාව බයිසිකලේ තියාගෙන ඒ මාම ඇතිමලේ රෝහලට අරගෙන ආවා. ඊට ටික වේලාවකට කලින් එස්.ටී.එෆ් එකෙන් ගමට ආවා. ඒත් මට බයහිතුණා ඒ ඇවිල්ලා ඉන්නේ කොටි කියලා ඒක නිසා මම මැරුණා වගේ හිටියා. කපලා කොටලා තුවාල වෙලා හිටපු ගමේ අයව එස්.ටී.එෆ් එකෙන් ට්‍රක් එකක දාගෙන අරගෙන ගියා. මම එහෙමම හිටියා. ඔය වෙලාවේ තමයි කටු තිලකෙ මාමා එතැනින් යන්න ගියේ. මම භය නැතිව කකුලේ එල්ලුණා. මාමා මාව ස්පිරිතාලෙට එක්කරගෙන ගියා.*
‘අනේ ඒ දොස්තරලා පුදුම මහන්සියක් ගත්තේ මගේ ජීවිතය බේරාගන්න. දිගින් දිගටම මගෙත් එක්ක කතා කළා. මම වතුර ඉල්ලුවා. නමුත් මගේ තත්ත්වය අනුව වතුර බොන්න හොඳ නෑලු. පුළුන් කෑල්ලක් පොඟවලා මගේ කටින් තිබ්බා. පස්සේ මාව බදුල්ල මහ ස්පිරිතාලෙට ගෙනිච්චා.’
‘&මම බදුල්ල ස්පිරිතාලේ සති 3 ක් විතර හිටියා. පස්සෙ කාලෙක නර්ස් කෙනෙක් මට කිව්වා ‘පැය හතක් තිස්සේ මගේ ඇඟේ තුවාල මැහුවා කියලා. ඊට පස්සේ මම ආපහු ඇතිමලේ ගමට ආවා.*
ඇතිමලේ ගමට පැමිණි නදීකාට අම්මා තාත්තා නැහැ. අක්කා මල්ලී සහ නංගී නෑ. ඔවුන් සියලු දෙනාම එදා රාත්‍රියේදී නොඑන ගමන් ගොස් තිබිණි. කොටින්ගෙන් බේරී පැනගිය පැටී සුද්දා මාමා කෑ ගසා ගම්මුන්ට සිද්ධිය කී හෙයින් බොහෝ දෙනෙක් පැන ගොස් දිවි බේරාගත්හ. එහෙත් ඒ බියකරු රාත්‍රියේ නදීකාගේ පවුලේ අය ඇතුළු 17 දෙනෙක් කොටි ත්‍රස්තවාදයට දිවි දුන්හ.
‘ගමට ඇවිල්ලා සීයා ආච්චි ළඟ නතර වුණා. ටික දවසක් යනකොට මාමා ළඟට යනවා. ඊට පස්සේ බාප්පලාගේ ගෙදර හිටියා. ඔය අතරේ 96 අවුරුද්දෙදි මම නුවර ඉස්කෝලෙකට දැම්මා. මම හිටියෙ හොස්ටල් එකේ. ආච්චිලාට, සීයලට මාව බලන්න එන්න වත්කමක් තිබුණේ නෑ. හැබැයි ලියුම් එවනවා.
සීයා මියගිය බවට ඇයට දැනුම් දීමක් ලැබිණි. ඇය ගමට පැමිණියාය. සීයාගේ අවසන් කටයුතු නිමවීමෙන් පසු දෙතුන් දිනක්ම ඇය එහි රැඳී සිටියාය.
&‘මම දැක්කා සීයාගේ ලියකියවිලි දාපු පෙට්ටියක් තිබුණා. මම ඒක ඇවිස්සුවා. අපේ මරණ සහතික ඒකේ තිබුණා. මම ස්පිරිතාලේ ඉන්නවා කියලා දන්නේ නැති හින්දා මැරුණු අයගේ ලැයිස්තුවට මගේ නමත් දාලා. ඒ නිසා මගේ නමට මරණ සහතිකයක් නිකුත් කරලා.
මරණ සහතිකය දැක්කම මොකද හිතුණේ මම විමසුවෙමි. ඒ දවස්වල මම දහය පන්තියේ ඉගෙන ගන්නවා. ඒ නිසා මට එහෙම විශේෂ හැඟීමක් ඇතිවුණේ නෑ. කොහොම හරි ඒ ලිපිගොනුව මම කෑගල්ලට අරගෙන ආවා.*
උසස්පෙළ පන්තියෙ ඉගෙන ගනිමින් සිටියදී නදීකා කෑගල්ලේ නෑදෑ ගෙදරකට ගියාය. එම නිවෙසේද දින කිහිපයක් ඇය ගත කළාය. නෑදෑ දියණිය සමග ඇය නිවෙස අසල කඩයකට කිහිප වරක් ගියාය.
‘&දවසක් මුදලාලි මගෙන් ඇහුවා මොනවද ඔය මූණේ තියෙන තුවාල කැළල් කියලා. මගේ නැන්දගේ දුව සම්පූර්ණ කතාව කිව්වා. විජය කුමාර රණසිංහ වැඩ කළේ ඒ නිවසේ.*
විජය කුමාර රණසිංහ යනු නදීකාගේ ආදරණීය ස්වාමියාය. ඔහු කන්තලේ උපන්නෙකි. රැකියාව කළේ කෑගල්ලේ කඩේය.
‘&එයා අහලා තිබුණා මාව බඳින්න කැමැතියි කියලා. මටත් විරුද්ධ වෙන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ. උසස් පෙළ කළේත් නෑ. මම බැන්දා. බැඳලා ඇතිමලේට පදිංචියට ආවා.*
ඇය දැන් සිව්දරු මවකි. වැඩිමල් දියණිය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානමින් සිටින්නීය. දෙවැනි දියණිය සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේදී මුහුණ දෙන්නීය. පුතා 8 වසරෙත් දියණිය 3 වසරේත් ඉගෙනුම ලබති.
‘&අපි කඩයක් කරනවා. කඩේම තමයි අපි ජීවත් වෙන්නේ. ඉතාම දුෂ්කර ජීවිතයක්. මහත්තයාට ප්‍රෙෂර් එක ෂුගර් තියෙනවා. ඇස් දෙකට කාච දාලා තියෙන්නේ. මට බර වැඩක් කරන්න බෑ. නිතරම ඔළුව රිදෙනවා. සියඹලාණ්ඩුව ස්පිරිතාලෙට ගියාම කිව්වා ‘ලේ මදියි’ කියලා. මට වැඩි දුරක් ඇවිදින්න බෑ. ක්ලාන්ත ගතියක් තියෙනවා. කඩේ පත්තරත් විකුණනවා. ලංකාදීපයෙ කුලරත්න මහත්තයා අපට ගොඩක් උදව් කළා. මගේ මහත්තයාට උදව්වක් වශයෙන් පොඩි බෑග් මහලා කඩවල්වලට දානවා. අසනීප නිසා වැඩිය මහන්සි වෙන්න බෑ.*
ඇගේ හඬ කෙමෙන් ශෝකාකූල වෙයි. එය හැඬුම් බරය. අහම්බෙන් දිවි ගලවා ගෙන අතිරේක ආයු කාලයක් ගෙවා දමන ඇය අවසාන වශයෙන් තිරසරව මෙසේ කීවාය.
‘&මගේ මහත්තයා හරිම හොඳයි. හරිම ආදරෙයි. අපි දෙන්නගෙම එකම බලාපොරොත්තුව දරුවො හතර දෙනාට උගන්වන එක. අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා.*
අපි ඔවුන්ට ජයෙන් ජය පතමු.
ශ්රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත
නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි
දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය
වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ
ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන
“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජීවත්ව සිටියදී මරණ සහතිකය ලියාගත් නදීකා