IMG-LOGO

“ස්මාර්ට් යූත්” කෝටි 2ක් නැති කරලා

(සුජිත් හේවාජුලිගේ)

ජාතික තරුණ සේවා සභාව “ස්මාර්ට් යූත්” නමින් හැදින්වූ  අවුරුදු උත්සව සඳහා ඇස්තමේන්තු ගත ප්‍රමාණය ඉක්මවා අනුමැතියකින් තොරව රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් වැය කර ඇතැයි එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් නිකුත්   කළ අලුත්ම  විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.

බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීතමය වැඩසටහනකට අවශ්‍ය සේවා කුලී පදනම මත සපයා ගැනීමේදී   අමතර ගෙවීමක් හේතුවෙන්  රජයට ලක්ෂ තිහකට වැඩි මූල්‍යමය අලාභයක් සිදු වූ බව පවසන එම වාර්තාව ඉහත මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටද  නිර්දේශ කර අැත

ස්මාටි යුත්  සංගීත හා ප්‍රසංග වැඩසටහන සජීවීව පටිගත කිරීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දී තිබුණද එම වීඩියෝ පට සභාව සතුව නොතිබූණු අතර  විගණනයට ඉදිරිපත් කිරීමටද  අපොහොසත් වූ බව   එම වාර්තාව සඳහන් කරයි.

කුලියාපිටිය ගාල්ල සහ මහියංගනය යන ප්‍රදේශවල පැවැත්වූ සංගීත ප්‍රසංග සහ ප්‍රදර්ශන වෙනුවෙන් වැය කර ඇති මුදල්වල මතභේදාත්මක ස්වරූපයක් නිරීක්ෂණය වන බව විගණන අංශ පවසයි.



අදහස් (0)

“ස්මාර්ට් යූත්” කෝටි 2ක් නැති කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 680 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 505 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site