(ටී.කේ.ජී.කපිල)
ටෙක්සාස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති 2026 වසරේ මැයි 15 දින ජාත්‍යන්තර "වෙසක් දිනය" පිළිබද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ , ඩලස්හි කණ්ඩාවෝ විහාරස්ථානයේ විහාරධිපති රතනගුණ හිමියන් ප්‍රධාන බෞද්ධ දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන වැඩම කර සිටියහ .
මෙම ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය එරට වාසය කරන ශ්‍රී ලංකා , ඉන්දියා , තායිලන්ත ,චීන , බංගලදේශ , හීනයාන , මහායාන සහ තන්ත්‍රයාන භික්ෂුන් වහන්සේලා දීර්ඝ කාළයක් තුළ ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයකි .
බෞද්ධ භික්ෂු දූත පිරිස සමග එරට වාසය කරන ගිහි දූත පිරිසක් ද පැමිණ සිටි අතර පිරිස පිළිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල , අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරධිපති ආචාර්ය ආනන්ද හිමි , පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම වෙසක් දින උත්සවයේ දී ටෙක්සාස් ඩලස් කණ්ඩාවෝ විහාරස්ථානයේ දී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සහ චෛත්‍යයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමට ද නියමිතය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’වෙසක් දිනය’’ ගැන දැනුවත් කරන්න ඇමෙරිකාවෙන් දූත පිරිසක්
බකල ජයා Monday, 28 July 2025 06:12 PM
මේ වගේම දෙයක් ඇමරිකාවේ පල්ලියකින් යෝජනා කරලා ලංකාවේ සිදු වුනොත් බයියන්ගේ බයි ප්‍රතිචාර වලට මාගේ හදපිරි කණගාටුව...