IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


’’මාධ්‍යවේදීන් මගේ සහෝදරයින්’’

(රෝෂන් තුෂාර සහ සුමිත් පොතුපිටිය)

සහෝදරයෙක්  නොමැති තමන් මාධ්‍යවේදීන් සිය සහෝදරීන් හැටියට  සලකන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතා  අද (21) පැවසීය.

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඇසිදිසි පියවර මාධ්‍ය වැඩමුළුවේ සමාරම්භක දේශනය කරමින් ඇමතිවරයා එසේ පැවසීය.

තම මාධ්‍ය සහෝදරයින්ගේ කැපවීම උනන්දුව හා ලෙන්ගතුකම මත තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පමණක් නොව ජනමාධ්‍ය ඇමති ධූරයද හිමි වී ඇතිි බව ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය මාධ්‍ය නිදහස හා මාධ්‍ය වෘත්තිය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්  රජය නිරන්තරයෙන් කැපවෙන බවත්,ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉඩ සලසමින් සෑම පැත්තකින්ම මාධ්‍යවේදියා හා ජනතාව ආරක්ෂා කරන බවත්  පැවසූ ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යවේදීන් උදෙසා වරලත් ආයතනයක් ඇති කිරීමට කටයුතු සම්පාදනය කරන බවද පැවසීය. මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් මාධ්‍ය උන්නතිය සඳහා වෙන්කර ඇති බවත් ඇමතිවරයා පෙන්වාා දුන්නේය. 

(ඡායාරූප: සුමිත් පොතුපිටිය)



අදහස් (1)

’’මාධ්‍යවේදීන් මගේ සහෝදරයින්’’

යෝගා Saturday, 21 June 2025 11:54 AM

ඒ කියන්නේ මාධ්‍යවේදීන් උද්දච්චයි කියන එකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site