IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


’’ අපි බත් පිඟානවත් හරියට බෙදා ගන්න දන්නැති ජාතියක්’’

(අංජුල මහික වීරරත්න)

“අපි ‍අපේ බත් පිඟානවත් හරියට බෙදාගන්න දන්නේ නැති ජාතියක් යැයි  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ කීවේ ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මඟින් සංවිධාන කළ “එක මිටට - ගොවි බිමට” පිළිමතලාව වැඩසටහන අමතමිනි.

"වියදම් කරලා ඉතාම අමාරුවෙන් යම් යම් දේවල් කරලා මහන්සියක් පිරිවැයක් දරලා පිඟානට එන බත් වලින් 50%ක්ම අපතේ යවනවා. විසි කරනවා. පසු අස්වනු කලමනාකරණය කරන්න ඉන්නවා නම් අපි එතනින් පටන් ගන්න ඕන.”යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.

පිළිමතලාව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.

ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණු ඇතිව ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මඟින් මෙම වැඩසටහන සංවිධාන කළේය.



අදහස් (12)

’’ අපි බත් පිඟානවත් හරියට බෙදා ගන්න දන්නැති ජාතියක්’’

maalaka Thursday, 31 July 2025 11:54 AM

කතාව ඇත්ත. සමහරු කොත ගහලා බත් ගන්නවා .. ආපනශාලාවදීවත් තමුන්ට අවශ්‍ය ප්‍රමාණය කියන්නේ නෑ... හුඟක් ඉතුරු කරලා විසි කරනවා

:       2       43

Perakum LiyanagamaThursday, 31 July 2025 02:15 PM

මාලක හරි... ලොකු පොඩි හැම හෝටලයකම කෑම අහක දාන හැටි දැක්කාම පුදුම දුකක් හිතෙනවා. මොන අපරාධයක්ද?

:       0       14

Sam Thursday, 31 July 2025 12:27 PM

බත් මුට්ටිය උස්සන්න නම් දෙනවා

:       14       15

manjula Thursday, 31 July 2025 12:31 PM

කතාවේ ඇත්තක් තියනවා

:       2       31

de silva Thursday, 31 July 2025 01:07 PM

සේරම දන්නේ ඔබතුමාලා තමා, නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ කිසිම දෙයක් කරගන්න බැහැ

:       26       26

පිටිගල මිලානෝ Thursday, 31 July 2025 01:50 PM

බත් පිගන් නෙවෙයි රුවන්වැලි සෑයවල් බෙදාගන්නේ….. රටේ වැඩිහරියක් දියවැඩියා කාරයෝ….

:       0       15

ටිල්වින් සීයා Thursday, 31 July 2025 01:56 PM

අපි නම් හොඳටම දන්නේ යන යන තැන හාන්නයි, අනුන්ට අපහාස කරන්නයි.

:       4       9

අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 03:05 PM

සිල්වා... ලාල්කාන්ත ඇමැතිතුමා බූරුවන්ට කරදර කරන එකක් නැහැ.

:       7       6

sene Thursday, 31 July 2025 03:14 PM

නටන්න බැරි මිනිසාට පොලවලු වැරැදි, මේ නාටකයෝ කියැවීමට පමණක් සීමාවට...!

:       5       10

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 31 July 2025 04:47 PM

බත් පිඟානක් හරියට බෙදාගන්නේ කොහොමද? අපි වගේ බත්කන හරක්, තාමත් රටකාපු තක්කඩි හතිකරේගේ රෙදි අපුල්ලන කොට...

:       8       5

ගුණරත්න Thursday, 31 July 2025 06:25 PM

බම්බුව තමයි, බත් කන කෙනා කොහොම කෑවත් ඒ වියදම ගෙවලා තමයි කන්නේ, එතැන නොවේ නාස්තිය තියෙන්නේ. නාස්තිය තියෙන්නේ අවසාන ගැනුම්කරුවා දක්වා එන ගමනේ වෙන පාඩු! ඒ පාඩු වැඩි වුණාම ගෙවන්න ඕනෑ අවසාන ගැනුම්කරුවා හෙවත් බත් කන එකා, නාස්තිය අවම කරන්න ඕනෑ ඔය එන ගමනේ මිසක් බත් කන එකා හෙවත් එන්ඩ් යූසර් නොවෙයි. මේක බොහොම සරල කාරණයක් නමුත් මේකත් තේරුම් ගන්න බැරි කියන්නේ කොයිතරම් මෝඩ නායකයෝද අපට ඉන්නේ?

:       6       2

Neel Thursday, 31 July 2025 06:34 PM

ටිකක් වැඩී වුණු වේලාවට මටත් එහෙම වෙලා තිබෙනවා. කතාව ඇත්ත...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 133 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 281 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 628 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site