IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘‘විශ්වාසය දිනා ගැනීම ආර්ථික වර්ධනයට අත්‍යාශ්‍ය කරුණක්‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ ඇති කරමින් විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම මෙරට ධනාත්මක කල් පවතින ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා පැවැසුවේය.

නව රජයේ උත්සාහයන් කෙරෙහි ඉහළ ගෞරවයක් සහ ඉහළ අපේක්ෂාවන් සහිතව, ජපානය ශ්‍රී ලංකාවේ සමාජ භූ දර්ශනයේ සිදුවන වෙනස්කම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කර සිටියේ දූෂණය නැති කිරීම සහ යහපත් රාජ්‍ය පාලනය තරඟකාරී, තිරසාර ආර්ථිකයට අත්‍යාවශ්‍ය සාධක දෙකක් බවය.

එය ඕනෑම ව්‍යාපාරික සමාජයක ඉතා මූලික යටිතල පහසුකම්වල අත්‍යවශ්‍ය අංගයක් බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එක් එක් අංශය පදනම් කරගත් කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් ඇතුළු මැදි කාලීන හා දිගු කාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අයුරු දැකීමට ජපානය කැමැති බවත් එමගින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදු කිරීමට තිබෙන අවස්ථා මොනවාද යන්න ආයෝජකයන්ට හැකියාව ලැබෙන බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. මෙම කටයුතු සියල්ල සිදු කිරීමේදී ජපානය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

වංචා හා දූෂණ රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය අඩපණ කරන බවත් ආයෝජකයන් පළවා හරින බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

වංචා හා දූෂණය අත්‍යාවශ්‍ය සේවා සඳහා යොමුකළ යුතු සම්පත් වෙනතකට යොමුකරන බවත් දුප්පත්කම ඉහළ දමන බවත් ඉසොමටා මහතා පැවැසුවේය.

එසේම වංචා හා දූෂණ නීතියේ ආධිපත්‍ය දුර්වල කරන බවත් මහජන සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම කරුණු සමාජ අස්ථාවරත්වයට, නොසන්සුන්තාවයට සහ ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි බවද ඔහු පැවැසුවේය. අවසාන වශයෙන්, දූෂණය ප්‍රජාවන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනයට තර්ජනයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් ලබා දුන් බව නිවේදනය කරමින් ජපාන තානාපති වරයා මෙම අදහස් පළ කළේය.

 



අදහස් (0)

‘‘විශ්වාසය දිනා ගැනීම ආර්ථික වර්ධනයට අත්‍යාශ්‍ය කරුණක්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 196 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 701 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site