
(නිමල කොඩිතුවක්කු)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු යැයි සැක සහිත පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය සිදුවූ අවස්ථාවේ ඒ හා සබැඳි නිලධාරීන්ට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා කොළඹදී පැවසීය.
මහරගම නාවින්න ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු වීඩියෝගත කරමින් මාධ්‍ය ඉදිරියේදි ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අවධානය යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදු කළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කළේය.
“වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකර ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුන් හය දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ විට එම සැකකරුවන් පැය 72 ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා.
සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාහිර පාර්ශවයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූපගත කරානම් හෝ වීඩියෝ ගත කරානම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්. ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශවයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.
2025 ඔක්තෝබර් මස 08
1582
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1372
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘ලසාගේ‘‘ වෙඩික්කරු අත්අඩංගුවට ගත් නිලධාරීන් ගැන විමර්ශනයක්