IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘‘රජය ප්‍රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යමින් සිටින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මාලිමා රජයට බලය දුන්නේ මෙවැනි දේ වෙනුවට රටට ඔබින අධ්‍යාපනයක් ඇති කිරීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ සමගි තරුණ සංවිධානය අනුරාධපුර යාය 11 ප්‍රදේශීය රෝහල අලුත්වැඩියාවට ලක් කොට නැවත රෝහල වෙත භාරදීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා අද වන විට ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මෙයට විරුද්ධව සමාජයම කැලඹී පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන් ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

 



අදහස් (1)

‘‘රජය ප්‍රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘

මෛන්ද මාමා Monday, 21 July 2025 05:44 PM

ඔයාගේ ඉතිහාසයත් අපි දන්නවා. දැන් නැති දේවල් මවලා පෙන්නලා පිදුරු ගහේ හරි එල්ලිලා රට වල පල්ලට යවන්න ට්‍රයි එක නේද?

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site