
(දයාරත්න ඇඹෝගම)
දැන් නුවරවැවේ මායිම් දාල තියෙන්නෙ. ඇතළේ ඉන්නව නම් පිටට යන්නම ඕන. මොකද මුළු ලංකාවෙම වැව් මෙහෙම විනාශ කරල තියෙන්නේ කෘෂිකර්ම , පශු සම්පත් , ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
කැඩි යාමේ අවධානම ලක්ව තිබු ගලෙන්බිදුණුවැව , අලුත් දිවුල්වැව වැවෙහි වැව් බැම්ම හා සොරොව්වේ අලුත්වැඩියාවන් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා ඒ බව පැවැසිය.
මෙම වසරේ ජනවාරි මාසයේ දී ගලෙන්බිදුණුවැව , අලුත් දිවුල්වැව වැවෙහි වම් සොරොව්ව අසලින් ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එම වැව කැඩී යාමේ අවධානමකට ලක්විය.
පසුව එම වැවෙහි වැව් බැම්ම හා සොරොව්ව ඉදිකිරිමට රජය කඩිනමින් ප්‍රතිපාදන වෙන් කළ අතර“වාරි මහිමය - අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ වැව් බැම්ම හා සොරොව්ව අලුත්වැඩියා කිරිම සදහා රුපියල් මිලියන 248 ක මුදලක් වැය කොට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපෘතිය ආරම්භ කර කෙටි කාලයක දී එම ඉදිකිරිම් අවසන් කෙරැණි.
මෙහිදි පැවැති සභාව අමතමින් අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා මේසේ පැවසිය.
“අස්වැන්නට සාධාරණ මිලක් නොමැති නම් ගොවින් වගාවෙන් ඉවත් වනවා . එසේ ඉවත් වුව හොත් ඇතිවන්නේ ආහාර හිගයක්. ඒ නිසයි පළමුව වී ගොවියා ආරක්ෂා කිරිම සදහා වි වලට සහතික මිලක් ලබාදිමට කටයුතු කළා . එයින් 2024 -2025 මහ කන්නයේ දී වි ගොවියාගේ ආර්ථිකය හොද මට්ටමකට පැමිණියා. අල , ලූනු ගොවින් ගැන තමයි දැන් අපි කතා කරන්නේ . මේ රජයෙන් ගොවියා ගේ සියලු ගැටළුවලට ස්ථිර විසදුමක් සොයන එක අනිවාර්ය ලෙසම සිදුකරනවා.”
“අපි පළමුව විනාශ වෙමින් ගිය රට බේරගත්ත . දැන් අපි රට හදන වැඩේ පටන් අරන් තියෙන්නෙ. සොරකම් වංචා සියයට සියයක්ම අපි නැතිකරල තියෙන්නේ දැන්. හොරකම් වංචා සිදුකරමින් සිටි අයට තමා මේ ආණ්ඩුව පෙරළන්න අවශ්‍ය වෙලා තියෙන්නේ . ඒ අය හිතුවෙ නෑ මේ ආණ්ඩුව මේ විදිහට ජනතාවාදිව වැඩ කරයි කියල. එහෙම දැනගත්ත නම් මේ විරුද්ධ පාර්ශව එකතු වෙන්නේ මීට කලින්. නමුත් දැන් අපිට තියෙන්නේ ජනතාවාදි ආණ්ඩුවක්. ආණ්ඩුව කල්පනා කරන්නේ සෑම පාර්ශවයකටම තමන්ගේ කොටස සාධාරණ ලෙස ලැබෙන වැඩපිළිවෙලක් හදන්න. ගොවියාටත් එහෙමයි , රාජ්‍ය සේවකයටත් එහෙමයි. මොකද වැඩ කරන සෑම කෙනෙකුටම ඒ සදහා තෘප්තියක් තියෙන්න අවශ්‍යයි”.
“නැවත මේ රටේ ජාතිවාදි ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ දෙන්නේ නෑ. ත්‍රිකුණාමලයේ ප්‍රශ්නයෙදිත් සමහරැ බැලුවෙ ජාතිවාදී ගින්නක් පත්තු කරන්නයි. නමුත් සියලු දෙනා එක්ව එය මැඩපැවැත්වුව. මේ ජාතිවාදය සමහර ආණ්ඩු මගින් අවුස්සපු එකක්. 83 කළු ජුලිය වගේ ජාතිවාදි අරගල හැදුවෙ ප්‍රේමදාසල , ජේ.ආර්ලා , රනිල්ලා, එකතුවෙලා. මේව තමයි තිස් අවුරුදු යුද්ද බවට පත්වුනේ . ඒක නිසා සියලු ජනතාව එකතු වෙලා කිසිදු ජාතිවාදයකට උඩ එන්න ඉඩ නොදිය යුතු යි. ඒ වගේම තමයි මේ රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන වැඩපිළිවල පටන් අරන් තියෙන්නේ . ජාති භේද , හිතවත්කම් , නැතිව කුඩු ජාවාරම නැති කරන්න වත්මන් රජය පොලිසියට සම්පූර්ණයෙන්ම බලය දීල තියෙන්නේ”.
අනුරාධපුර නුවර වැව දැන් තමන්ගේ වැව බවට පත්ව තිබෙනවා. නුවර වැවේ මායිම් නිවැරදිව සලකුණ කර මායිමේ සිටින පිරිස් අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. දැන් මායිම් දාල තියෙන්නේ . ඇතුලෙ ඉන්නව නම් පිටට යන්නම ඕන . මොකද මුළු ලංකාවෙම වැව් මෙහෙම විනාශ කරල තියෙන්නේ . කාටත් පාඩමක් උගන්වන්නත් එක්ක මේ නුවර වැවේ වැඩේ කරන්නම අවශ්‍යයි. වන්දි ගෙවීම් රජය බලා ගනීයි.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2559
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘නුවරවැවෙන් යන්නම ඕන‘‘