
(විමුක්ති එස් රුද්‍රිගු)
‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කළාය.
පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 14 කි.
සුළි කුණාටුවෙන් ළමයින්ට එල්ල වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මූලික ඇස්තමේන්තුවක් සිදුකළ බවත් එහිදී මෙම කරුණු අනාවරණය වු බවත් ඇය පැවැසුවාය.
තවමත් මාර්ග සහ සන්නිවේදන අවහිරතා තිබෙන බැවින් එම ගණන තවත් ඉහළ යා හැකි බව ඇය පෙන්වා දුන්නාය.
මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක්වූ මෙරට ජනතාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තවත් අර්බුදයට ලක්ව ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
ලෝක බැංකුවේ නවතම වාර්තාව අනුව 2019 සිට 2024 වනවිට මෙරට දුගීභාවය සියයට 11.3 සිට 24.5 දක්වා දෙගුණ වී ඇති බවත් මෙරට මිලියන ගණනක පවුල්වලට ජීවත්වීම පවා අපහසුවී ඇති බවත් බ්‍රිග්හැම් මහත්මිය සඳහන් කළාය.
මෙරට බොහෝ පවුල්වලට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා අභියෝගයක් වී ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.
ළමයින්ට සහා ළමයින්ගේ ආරක්ෂාවට මෙන්ම යහපැවැත්මට අවශ්‍ය සේවාවලට දිට්වා සුළි කුණාටුවෙන් බාධා එල්ලවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දැඩි කනස්සල්ලට පත්වන බවද ඇය සඳහන් කළාය.
සිය ආදරණීයයන් අහිමි වූ පවුල්වල සාමාජිකයන්ට සිය ශෝකය පිරිනමන බවත් පීඩාවට පත් වූ පවුල් සමඟ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිටින බවත් ඇය කීවාය.
ළමයින්ට දැඩි අවදානම් තත්ත්වයකදී ඉතාමත් ඉක්මනින් සහාය අවශ්‍ය බවත් ජීවිතය අවදානමට ලක්වූ දැඩි අවදානම් පවුල්වලට සහාය සැපයීම කාලයත් සමඟ සිදු කරන සටනක් බවත් බ්රිග්හැහැම් මහත්මිය ප්‍රකාශ කළාය.
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් පිටව ගියද ඉන් ඇතිවූ බලපෑමෙන් ශ්‍රී ලංකාව තවමත් පීඩා විඳිමින් සිටින බව ඇය පැවසුවාය.
සුළි කුණාටුවෙන් නිවාස සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට දැඩි හානි සිදුව තිබෙන බවත් අත්‍යවශ්‍ය සේවාවලට බාධා එල්ල වී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වී තිබෙන බවත් ළමයින් අතර වසංගත රෝග පැතිරීම, මන්දපෝෂණ තත්ත්වය සහ ජීවත්වීමේ පරිසරය අනාරක්ෂිත වීම ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙන බවද ඇය සඳහන් කළාය.
එසේම මේ හේතුවෙන් ළමයින් අතර දැඩි මානසික ආතතිය වර්ධනය විය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.
ජීවිත බේරා ගැනීමට අවශ්‍ය සහාය සහ ආපදාවේ තත්ත්වය ඇස්තමේන්තු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල රජය සමග එක්ව කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළාය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 1,373,899 ක් පීඩාවට පත්ව ඇති බවත් නිවාස 15,688 හානියට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේය.
ඉන් නිවාස 432 මුළුමනින්ම විනාශ වි ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
294
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
324
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1254
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘‘දිට්වා‘‘ කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට