IMG-LOGO

‘‘ට්‍රම්ප් පරිපාලනය ඉරානයට ගහන්න වක්‍රව ඊශ්‍රායලයට අනුමැතිය දීලා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පරිපාලනය වක්‍ර අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය දින ගණනක් නොව සති ගණනක් පුරා පවතිනු ඇති බවත් ධවල මන්දිර හා ඊශ්‍රායල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ටෙහෙරානයට යන මාවත පාදාගෙන තිබෙන බවත් නුදුරු අනාගතයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව, එහි ප්‍රහාරක යානා, ගුවන් නියමුවන් ටෙහෙරාන අහසේ දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.

ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයට ඊශ්‍රායලය ආරක්ෂක හමුදා දැඩිව ප්‍රහාර එල්ල කළ බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පාලනයේ සෑම ඉලක්කයකටම සහ සෑම මධ්‍යස්ථානයකටම ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

‘‘ට්‍රම්ප් පරිපාලනය ඉරානයට ගහන්න වක්‍රව ඊශ්‍රායලයට අනුමැතිය දීලා‘‘

Jagath Leanage Sunday, 15 June 2025 07:08 PM

ඊශ්‍රායලය කියන්නේ පුදුම ම්ලේච්ඡ ජාතියක්, හිතක් පපුවක් ඇත්තේම නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site