(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කර සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම මෙරට තීරුබදු ව්‍යූහය ජාත්‍යන්තර තරඟකරුවන්ගේ තීරුබදු ව්‍යූහය සමග සමීප කිරීමට රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
එළැඹෙන 1 වැනිදා තෙක් සාකච්ඡා මේසය විවෘත බැවින් සියයට 30 ක තීරු බද්ද තවත් අඩුකර ගැනීමට ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡාවල නිරත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කර ගැනීමට, මිලදී ගන්නන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට, තිරසාර ආර්ථික වර්ධනයක් දිගුකාලීනව පවත්වාගෙන යාමට සියයට 30 ක තීරු බද්ද තවත් අඩු කර ගැනීමේ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද වාණිජ මණ්ඩලය පැවැසුවේය.
ඒ සඳහා උපදේශන ලබා දීමටත් සහාය ලබා දීමටත් සූදානම් බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘ට්‍රම්ප් බද්ද අඩු කරගැනිම වැදගත් පියවරක්‘‘