IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘

(යොහාන් භාසුර)

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.

බොරැල්ල, කැම්බල් පිටියේදී  පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

මෙම මැයි රැළියත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට හැකි වූ බවත් රටේ හතර වටෙන් කැම්බල් පිටිය එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවත් රාජපක්‍ෂ මහතා කීය.

තමන් ඇතුළු කණ්ඩායම හොරු යැයි පවසමින් මඩ ගහසා බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වූවද රටෙත් ජනතාවගේ අභිලාශ වෙනුවෙන් එම සියලුම අභියෝග ජයගත් බවත් ඇතැම් පක්‍ෂ කම්කරු ජනතාව හැමදාම සටන් බිමේ ඉත්තන් හැටියට තබාගැනීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම පිරිසට කමිකරු ජනතාවගේ දරුවන්ගේ අනාගතය හදන්න කිසිඳු අදහසක් නොමැති බව කී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් කම්කරු අමාත්‍යවරයා ලෙස කම්කරුවන් වෙනුවෙන් සුබසාධන ආරම්භ කර සියයට 100 ක්ම ඔවුන් සමඟ සිටි බව ද සඳහන් කළේය. උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු යැයි තෝරණ තවත් කණ්ඩායමක් සිටින බවත් ඇත්තටම එහෙම කර අද වැනි දිනක මයික් එකට ඇවිත් ආදරණිය සහ සදාදරණිය කම්කරු ජනතවා යැයි ආමන්ත්‍රණය කරන බවත් ඔහු පැවසීය.

ඊළඟ ජනාධිපතිවරණෙයෙන් පසුව මේ රට ගමන් කරන්නෛ් කොතනටද යන තීන්දුව පිළිබඳව අද සිට ජනතවා දැනුවත් කිරීම ආරම්භ කරන බවත් ඉතිහාසයේ වැඩියෙම් වැරදි කරපු මේ රටේ අනාගත නැති කළ මිනිසුන්ගෙන් අපහාස විදගෙන ඔවුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්‍ෂ මහතා කීය.



අදහස් (17)

‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 01 May 2024 11:44 PM

අනේ මන්දා මගෙ කට !! මයිනගෙ පො-හොටු ආසිරි වාදය නිසාද, 69 ලක්ෂ ගණනක් ඡන්ද ලැබු ගොඨාභය රාජපක්ෂට මහ රෑ පස්ස දොරින් රටින් පැනලා යන්න පාර හදලා දුන්නේ ??? මෙයා තමයි ආසරි-වද දෙන නියම මෑන්...

:       10       52

පිටරටවැසියා Thursday, 02 May 2024 12:04 AM

මොන පක්ෂෙන්, පාටින් ආවත්, ඡන්දය දෙන්නෙ රටේ ඡන්ද හිමි ජනතාව. මොන ආශිර්වාදය අරන් ආවත්, රට කාපු හොරුන්ට, තක්කඩින්ට නම් ඇපත් නෑ. හැබැයි දිනන්න බැරි වුනත් ඡන්ද ටිකක් හම්බ වෙයි, මොකද සිරි ලංකාවේ තාමත් බත් කන හරක් යම්කිසි ප්‍රමාණයක් ඉන්න නිසා !!!

:       11       60

ගමේ එකාලා Thursday, 02 May 2024 12:20 AM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත බලලෝබි බඩගෝස්තරවාදි නායකයා .ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ඇවිත් අන්තිමට වෙච්ච් දේ නැහැ වගේ?

:       8       44

Perera Thursday, 02 May 2024 12:31 AM

ජනපති වෙන්නේ ජනතාවගේ ආශිර්වාදය තියන පුද්ගලයා මිසක් පොහොට්ටු ආශිර්වාදයක් නෙමේ

:       9       46

chandima Thursday, 02 May 2024 12:46 AM

පුත් කුමාරයාට ඔටුන්න දාගන්න පින නැතිවෙයිද ?

:       12       41

Don perea Thursday, 02 May 2024 01:00 AM

පුදුම හරක් ගොඩක් නේ ඉන්නේ

:       10       46

chandima Thursday, 02 May 2024 01:01 AM

නැතුව බැහැනේ... මහ භාණ්ඩාගාරයට සල්ලි ඔක්කොම තියෙන්නේ මේ ගොල්ලන්ගේ එක්කෙනකුත් එක්කනේ?

:       7       25

ranjith Thursday, 02 May 2024 06:32 AM

තාම ජනතාව හරක් කියලා හිතාගෙන වගේ.. ජනපති වෙන්න ඔහෙලාගේ ආශිර්වාස වැඩක් නෑ. රටේ ජනතාවගේ ආශිර්වාදය තමා ඕන

:       9       37

Anura Thursday, 02 May 2024 07:29 AM

පව් නේද මේ මනුස්සයෝ ටික , එක සැරයක් කොළඹ එක්කන් ඇවිල්ල බෙරේ වැවෙත් නෑවුව නේද

:       8       39

සාලිය​ Thursday, 02 May 2024 09:03 AM

රැල්ලට පොහොට්ටුවට ඡන්දය දුන් වැඩි පිරිසක් දැන් මාලිමාවට එකතු වී ඇත​. වෙනසක් වීමට ඇති ඉඩ කඩ අඩුය​.

:       11       44

Rohana Thursday, 02 May 2024 09:12 AM

රාජපක්ෂලාගේ අවසන් යුගය තමයි මේ ගෙවමින් ඉන්නේ. නැවත බලය ලබාගැනීමට කිසිදු ඉඩක් නොමැත.

:       10       53

achini Thursday, 02 May 2024 09:48 AM

මහින්ද රාජපක්ෂ අසාන රැළිය වේවා... රටට යහපතක්ම වේවා...

:       11       40

Soma dubayi Thursday, 02 May 2024 10:22 AM

අනිවාර්යයෙන්ම ,වැටුණු රට ගොඩ ගන්න පුළුවන් පොහොට්ටුවට විතරයි

:       51       17

fairoos Thursday, 02 May 2024 11:50 AM

ලංකාවේ බයියෝ නම් කියලා වැඩක් නෑ .මෙච්චර වෙලත් තාම වහල් කමින් මිදිලා නෑනේ

:       1       17

විපරමා Thursday, 02 May 2024 05:17 PM

සුනාමියෙන් හොරාකාපු එකා හිර ගෙදරට නොයවා රජගෙදරට යවපු එකේ ප්‍රතිපල .තමුන් ඇතුළු කණ්ඩායම පට්ට හොර දූෂිතයෝ කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ලෝකෙම දන්නවා .

:       2       0

Chaminda Thursday, 02 May 2024 05:54 PM

පොහොට්ටුවේ ආශිර්වාදය මොන කෙහෙල්මලකටද නිකං පිස්සු කියන්න එපා ලොක්කා. ලංකාවේ අබමල් රේණුවක තරමින් මොළයක් තියෙන පවුල් වාදයට කත් නොඅදින රට ගැන හිතන ඡන්ද දායකයින් හිටියොත් පොහොට්ටුවට මොකෑ වුනේ කියලා සොයාගන්න බැරිවේවි

:       2       0

චතුරි Saturday, 04 May 2024 03:47 AM

දැන්නම් කොන්ඩේ ටිකක් සුදු වෙලා. කටත් බාගෙට ඇරිලා ඇවිත් ඉන්න කට්ටිය. වට පිට සේරම රතුපාටින් බැබලෙනවා.. ඔයාගේ ආශිර්වාදය කපුවට කියලා රනිල්ට දෙන්න. මේදා සැරේ සාස්තර කියන්නේ කව්ද? කලු කොඩිවලින් සරසන්න කිව්වේ නැත්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

සරණාගත එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට
2024 මැයි මස 17 5 0

ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය. ඉප්ස්විච් නගර සභා වාර්ෂික ර


ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි
2024 මැයි මස 17 200 0

නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍


ඩයනා අමාත්‍යංශ වාහන හතරක් ගෙදර තියාගෙන
2024 මැයි මස 17 1293 0

ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.


වැස්ස වර්ධනය වේ
2024 මැයි මස 17 310 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.


නිලාවේලි වෙරළේ යාත්‍රාවකට ගිනි තියලා
2024 මැයි මස 17 285 0

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


සා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම අවුලක්
2024 මැයි මස 17 823 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 743 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2279 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1961 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site