IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත්

(යොහාන් භාසුර)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉතා පුළුල් අරමුණකින් සකස් කර ඇති බවත් එම වැඩසටහන සමග පුද්ගලික අංශය සම්බන්ධවීම ඉතා වැදගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

නුගේගොඩදී පැවැති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සයිනොපෙක් ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.

පිරිසිදු සමතුලිත අලංකාරවත් පරිසරයක් පවත්වාගෙන යාම මෙන්ම ලොව දියුණු රටවල ජනතාව භුක්ති විදින ආකාරයේ ඉහළ සමාජ තත්වයක්, නිදහසක් සහ යටිතල පහසුකම් මෙරට ජනතාවටත් දීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අරමුණ බව ද අමාත්‍යවරයා කීය.  

සයිනොපෙක් ලංකා සමාගම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සමග එක්වෙමින් සයිනොපෙක්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ක්‍රියාකාරී සැලැස්ම විශේෂ අගය කරන බව ද  අමාත්‍යවරයා සඳහන් කළේය.

සයිනොපෙක් පාරිභෝගිකයින්ට සුපිරිසිදු හා සෞඛ්‍යආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් දීමේ සිට සේවා විවිධාංගීකරණය සහ ඉහළම ගුණාත්මක සේවාවක් දීම තුළින් ආරක්ෂාව හා පරිපාලන කටයුතු විශිෂ්ටත්වයට ළගාකර ගැනීමේ අරමුණෙන් එය සැළසුම් කර ඇත.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩපිළිවෙලේ අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සහ ජනාධිපති කාර්යාල නිලධාරීන් හා සයිනොපෙක් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීනී වැන්ග් හයිනි මහත්මිය ඇතුළු සමාගමේ ඉහළ නිලධාරීන් රැසැක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත්

de silva Friday, 16 May 2025 05:13 PM

ඔය ඔක්කොම කරන්න ඉස්සරවෙලා, ප්‍රසිද්ධ ස්ථානවල මිනිස්සුන්ට කසල දමන්න කසල බඳුන් තබන්න...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site