IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

(අංජුල මහික වීරරත්න)

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද "ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය " සඳහා 2019-10-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

 එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ළමා ආරක්ෂණය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර දහයක්  ආවරණය වන සේ ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබන පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන "ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම" සකස් කරනු ලැබ ඇත.

 ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි " සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" සඳහා වූ ප්‍රතිපත්තිමය බැඳියාවන්ට සියලු ආකාරයෙන් අනුගත වන පරිදි බහු ආංශික ප්‍රවේශයකින් සමන්විතව මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබේ.

ඒ අනුව, එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 196 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 701 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site