(සුමිත් පොතුපිටිය)
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සගවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සදහන් කලේය.
මෙම ටී 56 ගිනි අවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය සැකකරුට ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
මුදල් පොලියට දෙන බව කියන ව්‍යාපාරිකයා සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණි.
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා
මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලා
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපර
වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.
ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළ
රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගනී