IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


හොඳින් ලෙඩුන් බලා ගත් රෝහල් දෙකකට රන් සම්මාන

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

“ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් පැවැත් වූ  විශේෂ සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

 කොළඔ ගෝල්ෆේස් හෝටලයේ දී මෙම උත්සවය පැවැත්විණි.

වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ මෙම දිනය සමරනු ලබන අතර 2025 වර්ෂයේ තේමාව වනුයේ “සෑම අළුත උපන් බිලින්දකුම සහ සෑම දරුවකුම වෙනුවෙන් සුරක්ෂිත  සෞඛ්‍ය සේවාවක් ලබාදීමයි ’’ යන්නය.

සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තත්ත්ව කාර්ය සාධන ඇගයීමේ (QPET) වෙබ් පිටුව මෙන් ම සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා සම්පාදිත ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදුවිය.

එමෙන්ම රෝගී සත්කාර සේවාවන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘතී ක්‍රියාත්මක කරමින් රෝගී ජනතාවට  ගුණාත්මක, කාර්යක්ෂම, සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් ලබා දීමට කටයුතු කිරිම වෙනුවෙන් කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල මෙහි දී අමාත්‍යවරයාගේ සුරතින් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.  



අදහස් (1)

හොඳින් ලෙඩුන් බලා ගත් රෝහල් දෙකකට රන් සම්මාන

මැක්ස් Friday, 17 October 2025 11:40 AM

ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්‍ෂිතතාවය ඉහළ මට්ටමක පවතිනවා? මොකක් කිව්වා ඇමතිතුමා? ඔබතුමාලා ඒ දවස්වල හතර අතේ කිය කියා ගියේ 70 වසරක සාපය නිසා ලංකාවේ කිසිම අංශයක් දියුණු වෙලා නෑ කියලා නේද? කටේ දිවේ නොගෑවී බොරු කීමේ කලාව ප්‍රගුණ කර ඇති මාලිමාවේ ප්‍රධාන පෙළේ ඇමති තනතුරකට ඔබතුමාගේ ඇති මනා ගැලපීම මේ කතාවත් සමග තවත් වරක් ඔප්පු වුණා..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 912 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site