(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හෙදියන් තුන්දහසක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබෙන බව කී අමාත්‍යවරයා අභියාචනා කාලයෙන් පසු ඒ බඳවා ගැනීම් කරන බව සඳහන් කළේය.
දැනට හෙද සේවයේ හතළිස් පන්දහසක් සිටින අතර පුරප්පාඩු තිබෙන්නේ දහසක් පමණකියි ද අමාත්‍යවරයා කීය.රටේ හතළිස් පන්දහසක හෙද හිඟයක් නැතැයිද සෞඛ්‍යවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් නඟමින් රටේ 45000ක පමණ හෙද හිඟයක් තිබෙන මොහොතක හෙද පුරප්පාඩු කඩිනමින් පුරවන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
උසස් පෙළ විභාගයට ජීව විද්‍ය හා ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන් හෙද සේවයට බඳවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කර දැනට 3100 ක් පමණ බඳවාගෙන තිබෙන බවත් තවත් 3800 ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයේ සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.
පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව
ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 හෝ 12 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හෙදියන් තුන්දාහක් අලුතින් බඳවා ගනියි