(යොහාන් භාසුර)
හෘදයාබාධ ඇතිවු අවස්ථාවන්වලදී රෝගින්ට දෙන ‘ටෙනෙක්ටප්ලේස්’ (Tenecteplase) එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව වාහාම විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය චමල් සංජීව මහතා එසේ පැවසීය.
‘ටෙනෙක්ටප්ලේස්’ එන්නත් තොගය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාලන කාලයේදී මෙරටට ගෙන්වා ඇති බවත් මෙම ඖෂධය ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව සහ ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ රසායනාගාර පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව සමීපව නිරීක්ෂණය කරන බැවින් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් කර අදාළ පියවර ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බවත් සංජීව මහතා කීය.
මෙරටට ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයේදී ඖෂධ සමාගම් රැසක්ම ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් වැඩි මිලට ඖෂධ ගෙන්වන බවට පාර්ලිමේන්තුව තුළදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර නමුත් එම සමාගම් මොනවාද සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන් අසමත් වීම කණගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේ.
‘ඉමියුනොග්ලොබීන්’ ඇතුළු ඖෂධ රැසක් මෙරටට ගෙන්වීමේදී ඉතා අධික මිල පරතරයන් පවත්වාගෙන යමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සමාගම් මෙරට ඖෂධ ඒකාධිකාරියක් පවත්වාගෙන යන බව තහවුරු වී ඇතත් ඒ සම්බන්ධව නිශ්චිත පියවර ගැනීමට මේ දක්වා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වී ඇති බව කී වෛද්‍ය චමල් සංජීව මහතා මෙරට ජනතාවගේ බදු මුදල්වලින් විශාල ප්‍රමාණයක් මේ අන්දමට සීමිත සමාගම් ප්‍රමාණයක් අතර බෙදී යෑම සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යනයක් කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හෘද රෝගීන්ට දෙන එන්නතක් ගැනීම ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි