IMG-LOGO

හිරගෙදර ලොක්කන්ගේ බැංකු ගිණුම් අවුස්සයි

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර සියලු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට විවිධ පුද්ගලයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ලැබී ඇති පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

මේ අනුව බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලු දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ණ විමර්ශනයක් කෙරෙනු ඇත.

සියලු බන්ධනාගාර ප්‍රධානීන් රජයට ඉදිරිපත් කරන ලද ආදායම් වාර්තා( වත්කම් බැරකම් ප්‍රකාශ) සඳහන් දේපළවලට වඩා වැඩි දේපළක් ඔවුන් සන්තකයේ තිබේ නම් ඒවා උපයා ගත් ආකාරය පිළිබඳව ඔවුනට අධිකරණයට කරුණු දැක්වීමට සිදුවන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සොයා බැලෙන බවයි.

එසේම පාතාලය සමඟ ගනුදෙනු පවත්වන ඔවුන්ගෙන් වාසි වරදාන ලබාගන්නා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලාගෙන යන බව ඔහු සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඉදිරි දිනවල කෙරෙනු ඇත. ඒ යටතේ ඉහළ නිලධාරීන්ගේ පුටු මාරුවක්ද සිදුවනු ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

දීර්ඝ කාලයක් එකම ස්ථානයක රාජකාරි කළ බන්ධනාගාර අධිකාරිවරුන්ද ඉදිරියේදී මාරුකර යැවෙනු ඇත.

මේ අතර සුපිරි නිවාස සහ යානවාහන ලබාගෙන හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානීන් පහළොස් දෙනකු පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.

තවද ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමෙන් ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් ලබාගෙන ඇතැයි පැවසෙන මුදල් ඇතුළු විවිධ සන්තෝසම් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වමින් සිටී.

 



අදහස් (3)

හිරගෙදර ලොක්කන්ගේ බැංකු ගිණුම් අවුස්සයි

කුකුල් චමින්ද Saturday, 14 June 2025 10:25 AM

වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, මෙතැන උදේ-හවස වැළලෙන එවුන්ගේ වත්කමුත් හොයන්න ඕනෑ...

:       1       34

සෙනෙවිරත්න Saturday, 14 June 2025 05:32 PM

දයාසිරිට සහ ගම්මන්පිලට කියලා කරන දෙයක් කරන්න. නැත්නම් ප්‍රවෘත්ති සාකච්ඡා තියලා වැළලෙන්න හදනවා...

:       0       5

Rasika Saturday, 14 June 2025 05:35 PM

මුදලට මුස්ලිම් ආගම නාමිකව වැළඳගත් සිංහල නිලධාරීන් කිහිප දෙනෙක් ප්‍රධාන බන්ධනාගාරවල ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි කුඩු රජවරුන්ගේ අය බන්ධනාගාරයට ආපුවාම ඔවුන්ව ආරක්ෂා කිරීමත් අනිත් අය ආපුවාම මරන්න ක්‍රම සැදීම සහ වස වැනි ද්‍රව්‍ය කෑමට කලවම් කර දීම වගේ කොන්ත්‍රාත් කිරීමයි. මේ වගේ අයට යක්‍ෂ වරම් වගේ ඒවා තියෙනවා. ටිකක් හොයන්න ඕනෑ ඒ වගේ අය ගැන...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1394 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site