
(මනෝප්රිය ගුණසේකර)
එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කිරීම සඳහා අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහි නඩු පවරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නීතීපතිවරයාගේ ස්ථාවරය සැප්තැම්බර් 30 වැනිදා දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියම කළේය.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති හෙයින් සැකකරුවන්ට එරෙහි නඩු පවරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් ලබාදෙන්නැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සමදරි පියසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
කුරුණෑගල පදිංචි වී.එස්. කරුණාරත්න මහතා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම්වරයා කළ අභ්‍යන්තර විගණයකින් අනතුරුව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරයක් අතරතුර 2023 සැප්තැම්බැර් 22 සහ 23 වැනි දිනවල ලන්ඩනයේ ‘වුල් හැම්ප්ටන්’ විශ්ව විදා්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානොත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරධනයකට අනුව එහි ගොස් රුපියල් ලක්ෂ 166ක රජයේ අරමුදල් වියදම් කිරීම පිළිබද මෙම විමර්ශන ආරම්භ කර ඇත.
(ඡායා සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහන්නත් දෙයක්ද. .රටේ නායකයා. හොරකම් කෙරුවා නම් ඔහුට තමයි වැඩියෙන්ම නීතිය තද. හැම රටකම ඒවගේ සියලුම සැපසම්පත් නොමිලේ බුක්තිවිදිමින් තවත් මිත්රයින්ටත් රජයේ මුදලින් සවාරි ගහන්න... දුප්පත් ජනතාව බඩ ගින්නේ... මේ හොරුන්ව නඩත්තු කරන්න ඕනෑ නිසා. මොවුන්ට දම්වැල් දාලා රැගන යන්න උසාවියට. පිනා කජු කනවා වගේ මුදල් හොරා කෑවෙත් කන්න ඉඩ දුන්නෙත්. යාලුවන්ට සිංගප්පූරුවේ ඉන්න හොරාටත් කෙරුවේ ඒක. එහෙම දෙයක් කරලත් රටේ නායක කමත් දැරුවා අධිකරණය මොවුන්ට දැඩි දඩුවම් දෙන්න....
කොපමණ මුදල් නාස්ති නාස්තිවුණත් දාලා ඔලුව අත ගගා ඉදීවි. පාඩුව මහජනතාවට...
රට ගොඩගත්තු, බංකොළොත් නොකරපු, නීතියේ ආධිපත්‍යයට ගරු කරපු මේ මහත්වරුන්ගේ නෝනලාගේ තව තවත් සම්මාන ගන්න රජයේ වියදමින් යන්න දෙන්න.
දිලීප වලිගේ පස්ස පැත්තේ සඟවාගෙන සැඟවී සිටිනවාද?