(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු3.30දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්දයකින් සම්මත කිරීමට නියමිතය.
පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයද කථානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හිටපු ජනපති තටු කපන කෙටුම්පතේ විවාදය හෙට
සෙනෙවිරත්න Tuesday, 09 September 2025 01:39 PM
ඔන්න ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අතර හොඳ නරක, ප්‍රගතිශීලි සහ එසේ නොවන, කලු සුදු තෝරන ලිට්මස් පරීක්ෂාවක්. තවදුරටත් රජයේ බදු මුදල් කාබාකරමින් තමන් සහ වරප්‍රසාද ලත් පන්තිය තවදුරටත් නඩත්තු කරනවාද නැද්ද යන්න ගරු විපක්ෂය හරි දෙය තෝරාගන්න මොලය පෑදේවා!
කපුරුහාමි Tuesday, 09 September 2025 02:03 PM
ජනතාවගේ ඡචන්දෙන් බලයට ඇවිත් ,රටම කාබාසීනියා කරපු ,ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු හිටපු දූෂිත ජනාධිපතිවරුන්ට කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුමයි .