IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


හිටපු කතානායකවරයෙක් මාසෙකට ලක්ෂ තුනහමාරක කාලා

(සුජිත් හේවාජුලිගේ)

හිටපු කතානායකවරයකුගේ  මාසික කෑම බිල (ඔහු එම ධූරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක්  බව හෙළිවී ඇත.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණනයේ සම්පූර්ණ වාර්තාව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා විසින් ඉකුත්දා බාර දෙනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

පාර්ලිමේන්තුවේ  දෙපාර්තමේන්තු නවයේම අක්‍රමිකතා පිළිබඳව එමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම වාර්තාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා   වැඩ බලන විගණකාධිපතිවරයාට   මීට මාස කිහිපයකට ඉහතදී  දැනුම්දුන්නේය . ඒ අනුව මෙම විගණන විමර්ශනය පවත්වා එහි වාර්තාව කතානායකවරයාට මෙසේ   බාරදී ඇත.

මේ සම්බන්ධයෙන් අප වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  මුළු පාර්ලිමේන්තුවම ආවරණය වන පරිදි මෙම විගණනය කළ බවයි.

විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා විසින් අදාළ අංශ වෙත යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිය අංශවලද උපදෙස්  ගනු ඇතැයි සඳහන්වේ.



අදහස් (2)

හිටපු කතානායකවරයෙක් මාසෙකට ලක්ෂ තුනහමාරක කාලා

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Saturday, 18 October 2025 12:31 PM

ඕකත් කජ්ජක්ද? හිටපු අය ඔක්කෝම සෙට්වෙලා මුළු රටම කාපු එකේ? අනෙක තමයි ඔය හිටපු සෙට්වල ඉන්න හුඟාක් අය උදරය ඉදිරියට නෙරා ඒමේ බෝවෙන රෝගයට ගොදුරුවෙලා තියෙන එක. ඒක සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටත් හොඳ කරන්න පුළුවන් රෝගයක් නොවෙයි.

:       3       6

Perera Saturday, 18 October 2025 01:49 PM

පොලී මුදලාලි ඔහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site