IMG-LOGO

හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ට ඇප

(රෝෂන් තුෂාර)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට 2023 වසරේදී  පුහුණුවක් ලබාදීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට ලක්ෂ පනස් එකක තුටු පඬුරක් සමාගමකින් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු කම්කරු හා විදේශ කටයුතු ඇමතිවරයකුගේ පුද්ගලික ලේකම්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා හර්ෂන  කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය.

බත්තර මුල්ලේ පදිංචි සහන් සම්පත් ගුණවර්ධන නමැති සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එසේ මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිරීමටද නියෝග කළේය.

අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට  යොමු කිරීමටද නියෝග කළේය.

අල්ලස් පනතේ ප්‍රතිපාදන  ප්‍රකාරව සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරල්වරයාගේ සහතිකයක් සමග ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ සැකකරුට ඇප නියම කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ තුටු පඬුරු ඇයදීම සහ ලබා ගැනීමීම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවටගත් බවය.

අල්ලස් කොමිසමට 2024 වසරේදී ලැබුණු නිර්නාමික ලිපියක් ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බවත්,තුටු පඬුරු ලබා දුන්නේ යැයි කියන ප්‍රධාන සාක්ෂිකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.


 

 



අදහස් (0)

හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site