(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ගැනීමටඉදිරිපත් වූ හිටපු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට එවකට ආණ්ඩුවදී තිබූ සහන ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව මෙසේ සහන ඉවත් කරනු ලැබ ඇත්තේ ප්‍රේමනාත් දොළවත්ත , සුමිත් උඩුකුඹුර, සහන් ප්‍රදීප් , චින්තක අමල් මායාදුන්නේ, මිලාන් ජයතිලක,අශෝක ප්‍රියන්ත,ලලිත් වර්ණ කුමාර, ජානක තිස්ස කුට්ටිආරච්චි, අජිත් රාජපක්ෂ, එච්.එම් ඩී හේරත්, එස්.එම් එම් මුෂාරෆ්, කුමාරසිරි රත්නායක, පී.ඒ.කේ අතු කෝරළ, එස්.ඒ සේමසිංහ, කුලසිංහම් දිලීබන්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, මොහොමඩ් මුසාමිල්, එස්.එම් චන්ද්‍රසේන , අසංක නවරත්න, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන , පියල් නිශාන්ත ද සිල්වා ,ඩබ්ලිව් ඩී වීරසිංහ , ශාන්ත බණ්ඩාර, අරුන්දික පනාන්දු, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි රහිම් සහ අතුකෝරලගේ චමින්ද සම්පත් යන මන්ත්‍රීවරුන් 29 දෙනාගේය.
හිටපු මන්ත්‍රීවරුන්ට එම සහන දුන්නේ නම් රජයට රුපියල් කෝටි නවයකට වැඩි පාඩුවක් විඳීමට සිදුවනඅ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද ව්යත්පුර නිවාස සංකීර්ණයේ නිවාස ඒකක පසුගිය දෙදහස් 2022 මැයි 09 වැනිදා රටේ ඇති වූ කලබලකාරී තත්වය මත නිවාස අහිමිවූ හිටපු මන්ත්‍රීවරුන් එකසිය එක් දෙනෙකුට වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජුනි මස 4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතියදී ඇත.
එම නිවාස සහනදායි ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට අවස්ථාව දෙන ලෙස ඒ අනුව එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීම් කර තිබුණු අතර මන්ත්‍රීවරුන් 29 දෙනෙකු 2024 වසරේ දෙසැම්බර් 31 වැනි දින වනවිට විකුණුම් මිලෙන් සියයට 25ක මුදලක් තැන්පත් කර තිබිණි.
නිවාස ලබා ගැනීමේ සහනදායි ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත් එම මන්ත්‍රීවරුන් විසි නව දෙනා සාමාන්‍ය මහජනතාව නිවාස ගන්නා ක්‍රමවේදය සහ මිල ගණන් යටතේ ගන්නේ නම් ඒ සඳහා අවස්ථාව දීමටත් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අනුමැතිය දුන්නේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හිටපු මන්ත්‍රී 29 කගෙ ගෙවල් සහන කපයි