IMG-LOGO

හැංගුණේ නෑ: මම හිටියේ ගෙදර

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අධිකරණයෙන්  අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් කිසිසේත් සැඟව නොසිටි බව  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනා කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (24) ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය  තැන්වල පරීක්ෂා කිරීම නොකර අනවශ්‍ය ස්ථාන පරික්ෂා කිරීම හේතුවෙන් තමා සොයා ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:

W15 හෝටලය ඉදිරිපිට සිද්ධියෙන් මිය ගිය උපුල් නමැති නිලධාරියාට වන්දි ලබාදීමට ඔහු  කළ වීරක්‍රියාව කුමක්ද

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා:

''ස්වාමීනි  වීරක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මියගියේ. උසස් නිලධාරියකු  විශ්වාස කරලා තමයි ඔහු සද්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා.

දිලීප පීරිස් මහතා:

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අපරාධය සිදුවූ ස්ථානයට ගියාද

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා:

''නැහැ ස්වාමීනි.  වැලිගම පොලිසියෙන් සිද්ධිය ගැන විමර්ශන  කරන නිසාත්  අදාළ සිද්ධියට තමන්ගේ කොට්ඨාශයේ  නිලධාරීන් පිරිසක්  සම්බන්ධ නිසාත්  එම සිද්ධිය වූ ස්ථානයට ගියොත් යම් කිසි ප්‍රශ්නයක් වෙයි කියලා ඔහු හිතලා තියෙනවා. ඒ නිසා ඔහු අදාළ සිද්ධිය වූ ස්ථානයට යන්නේ නැතිව වැලිගම පොලිසියට ගිහින් තොරතුරු විමසා තිබුණා.''

දිලීප පීරිස් මහතා:

''අපරාධය සිදුවූ ස්ථානය බැලුවොත් හොඳයි නේද?''

දේශබන්දු තෙන්නකෝන්:

''එහෙම බලන්න අවශ්‍ය නැහැ,''

දිලීප පීරිස් මහතා දේශබන්දු තෙන්නකෝන්ගෙන් දිගින් දිගිටම ප්‍රශ්න කිරීම් සිදුකරන අතරතුර දේශබන්දු තෙන්නකෝන් මහතා ද ප්‍රශ්න ඇසීමක් කළේය.

කමිටුවේ විනිසුරුවරයෙක්:

''සාක්ෂිකරු, ඔබ දිගින් දිගටම ප්‍රශ්න යොමු කළා. ඔබට හරස් ප්‍රශ්න අහන්න බැහැ. උසාවියේ වගේනම් ඔබට මෙච්චරවත් කතා කරන්න බැහැ. නමුත් ඔබට කාරණා කියන්න අවස්ථාවක් ඕනේ නිසා තමයි මේ උදා කර දී තිබෙන්නේ. ඒ නිසා ඔබට හරස් ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ.''

දිලීප පීරිස් මහතා:

මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් සැඟව සිටියාද

තෙන්නකෝන් මහතා:

''ස්වාමීනි මම හැංගිලා හිටියේ නැහැ, මම මගේ ගිරිඋල්ලේ නිවසේ හිටියේ. මම සාමාන්‍යයෙන් ඉන්න විදියට ඒ ගෙදර හිටියා. මම නිදාගන්න කාමරයේමයි මම නිදාගත්තේ. මම කෑම කන කාමරයට ගිහින් කෑම කෑවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා.'' 

සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා:

ඒ නිවසේ වෙන කවුරුවත් හිටියද

තෙන්නකෝන් මහතා:

''ස්වාමීනි මගේ මව ඇතැම් අවස්ථාවල ඉන්නවා. ඇය වයෝවෘද්ධයි. ඇතැම් අවස්ථාවල ඇය මගේ සහෝදරයන්ගේ නිවෙස්වලත් ඉන්නවා,'

සභාපති විනිසුරු:

අදාළ වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියෙන් පසු නිවසේ සිටියේ කවුරුන්ද

තෙන්නකෝන් මහතා:

''ස්වාමීනි මම තනියම හිටියේ.''

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

''බල්බ දල්වන්නේ නැතිව ඉන්න එකද ඔබ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න විදිහ?''

දේශබන්දු තෙන්නකෝන්:

''ස්වාමීනි එම නිවසේ විදුලිය කපා තිබුණේ, ඒ නිසා මම ඉටිපන්දමක් ආධාරයෙන් දවස ගෙවාගත්තා.''

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

''හුදෙකලාව ජීවත් වීමද ඔබේ සාමාන්‍ය ජීවිතය?''

දේශබන්දු තෙන්නකෝන්:

''මම හුදෙකලාව ඉන්න එකද මගේ සාමාන්‍ය ජීවිතය කියලා ඔබ දන්නේ නැහැනේ.'

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

''ඒක තමයි... දැනගන්න තමයි අහන්නේ. ඔබ හරි ක්‍රියාශීලී  පුද්ගලයෙක්නේ.''

විනිසුරු මඩුල්ල:

හෝකන්දර නිවසේ බිරිඳ සහ දරුවන් සමග සිටීමට හැකියාව තිබියදී ගිරිඋල්ලට ගියේ ඇයි

තෙන්නකෝන් මහතා:

''ස්වාමීනි නීතිඥවරුන්ගේ උපදෙස් මත, අධිකරණ කටයුතුත් නිසා මම හිතුවා එහෙම ඉන්න අවශ්‍යයි කියලා. හැබැයි ස්වාමීනි මම අවශ්‍ය අවස්ථාවලදී කොළඹටත් ආවා.''

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:

''ඔබ අධිකරණය මගහැරලා හිටියේ නැහැ කියන එකද ඔබේ ස්ථාවරය?''

දේශබන්දු තෙන්නකෝන්:

''ඔව් ස්වාමීනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල නෙවෙයි මාව සෙව්වේ. කතරගම බස්නායක නිලමේවරයාගේ ගෙදරකට ගිහිල්ලාත් පරීක්ෂා කරලා තිබුණා. මම ඔහුව දන්නවා, හැබැයි ඔහුගේ ගෙදර කොහේද තියෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ. අදාළ තැන් නෙවෙයි මේගොල්ලෝ පරීක්ෂා කර තිබුණේ. ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් විදියට ඉන්නවද ස්වාමීනි.'' 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ඔබ සැඟවී සිටින බවටත්, ඔබ සෙවීමට මහජන සහය පතන බවටත් ප්‍රකාශ කළ බව ඔබ දන්නේ නැද්ද?''

දේශබන්දු තෙන්නකෝන්:

''ස්වාමීනි මම දන්නේ පස්සේ. YOUTUBE හරහා තමයි මම ගිහිල්ලා ඒක දැනගත්තේ.'' 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

අමනාප වෙන්න එපා මෙහෙම අහනවාට. ගිරිඋල්ලේ ඉඳන් කොළඹ එනකොට ත්‍රිරෝද රථ රියැදුරන්ට වැඩි මුදලක් දීලා ඔවුන්ගේ ජංගම දුරකතනවලින් WHATSAPP හරහා ද ඔබ නීතිඥවරුන් සම්බන්ධ වුණේ. සාමාන්‍යයෙන් ඒක වෙන්න බැරි දෙයක් නේද දේශබන්දු මහත්මයා?''

දේශබන්දු තෙන්නකෝන්:

'ඒක සාමාන්‍ය දෙයක්. මොකද අද කාලේ ඕනම කෙනෙක් WHATSAPP පාවිච්චි කරනවා. ත්‍රිරෝද රථ රියැදුරු විතරක් නෙවෙයි පොළේ බඩු විකුණන කෙනත් WHATSAPP පාවිච්චි කරනවා. මම මට අමතන්න ඕනේ අයගේ නම්බර්ස් කඩදාසියක ලියගෙන තිබුණේ. ඒ හරහා මම ඔවුන්ට ගත්තා.''

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

'මේක හරි වෙහෙසකර ගමනක්නේ ඉතින්?''

දේශබන්දු තෙන්නකෝන්:

''අනිවාර්යෙන්ම. මේක සුවපහසු ගමනක් නෙවෙයි.''

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

අද වන විට මෙලෙස කමිටුවක් පත්කරලා, විමර්ශන කරන්නටත් දේශබන්දු ඔබට අධිකරණයට යන්නටත් දේශපාලනික පළිගැනීමක් සිදුවූවා කියන එකද ඔබේ අදහස?''

දේශබන්දු තෙන්නකෝන්:

''ඔව්, එහෙම අදහසක් තියෙනවා.''

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

ඔබ පොලිස්පති ධුරයේ කටයුතු කරන විට CCD එකේ නිලධාරීන් ඔබව අන්දනවා කියලා ඔබට තේරුණේ නැද්ද?''

දේශබන්දු තෙන්නකෝන්:

''ස්වාමීනි මම දැනුත් කියන්නේ ඔවුන් දැන් කියන එකත් තව ටික කාලයකින් වෙනස් කරයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.''



අදහස් (4)

හැංගුණේ නෑ: මම හිටියේ ගෙදර

Ishara Wednesday, 25 June 2025 12:58 PM

දේශබන්දු බබා වෙන්න හදනවා. මෙයාට කිසිම විදියකින් බුරුලක් දෙන්න හොඳ නෑ පරයට...

:       8       17

Perera Wednesday, 25 June 2025 01:09 PM

වරෙන්තු නිකුත් උනාට පසුව අධිකරණයට ආවේ නැත්තේ මොකද ?

:       8       16

විපරමා Wednesday, 25 June 2025 02:07 PM

ගෙදර හිටියානම් එන්ඩ තිබුනා..බයට හැන්ගිලා උන්නේ, කියන බොරු කව්රුවත් විස්වාස කරන එකක් නැහැ.එයාගේ කෙරුවවාල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දන්නෝ හොඳාකාරවම දන්නවා .

:       7       11

නලින් Wednesday, 25 June 2025 05:03 PM

මේ තමයි ශ්‍රී ලංකාව කියන රටේ පොලිස්පති...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 150 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2267 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site