IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හර්ෂණගේ මන්ත්‍රී පුරප්පාඩුවට නිශාන්ත ජයවීර පත්කරයි

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට විශ්‍රාමික දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් වන නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව එම ගැසට් නිවේදනය අද (7) නිකුත් කළේය.

ජාතික ජන බලවේගයේ ලේකම්වරයා නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබූ අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය.

නිශාන්ත ජයවීර මහතා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වසර 20 කට අධික කාලයක් සේවය කළ දේශීය ආදායම් නියොජ්‍ය කොමසාරිස්වරයෙක් වන අතර ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්විමෙන් පසුව මාස කීපයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

ඒ මහතා පසුගියවය වසරේ දෙසැම්බර් සිට පසුගිය ජූනි 27 වැනිදා දක්වා ජනාධිපති අතිරේක ලේකම්වරයෙක් ලෙස ද කටයුතු කළේය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඒ මහතා පසුගිය ජූනි මස නියෝජ්‍ය ඇමති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉන් පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්විය. 



අදහස් (0)

හර්ෂණගේ මන්ත්‍රී පුරප්පාඩුවට නිශාන්ත ජයවීර පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 576 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site